අම්බුළුවාවේ නිධන් හෑරූවේ අගමැති- අම්බුළුවාවේ විහාරාධිපති

නිධාන් ගොඩ ගැනීම කලක පටන් පාලක පක්ෂය විසින් ජයටම කරගන ගිය කටයුත්තකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස විසින් නිධාන් ගොඩ ගැනීම පිළිබඳව ජනතාව අතර කසුකුසුවක් තිබුණා.

පසුගිය කාලයේ එම චෝදනාව එල්ලවුනේ නාමල් රාජපක්ෂටයි.


ඇතැම් නිධාන් හෑරීම් සඳහා ආණ්ඩුව විසින් හමුදාව යොදාගන්නා බවට ජනතාව අතර මතයක් ඇතිවී තිබෙන අතර පසුගියදා මහවිලච්චිය ප්‍රදේශයේදී කට්ටඬියෙකු සමඟ ජනතාවට කොටුවූ විශේෂ කාර්ය බලකා සෙබළුන් නිසා එය තහවුරු වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.

මාධ්‍යය මගින් යටපත් කර දැමුවද ප්‍රදේශ වාසින් චෝදනා කළේ ලංකාවේ ඉහලම ප්‍රභූ නායකයෙකුගේ දේශපාලඥ පුතෙකු මෙයට හවුල්වූ බවයි.

අනුරාධපුර විලච්චිය, දුනුමඩලාව, හිවලාපිටිය වැවේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නිදන් හාරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් හා ප්‍රදේශවසීන් අතර ගැටුමක්ද හටගත් නමුත් පසුව පොලිස්පතිවරයා පැවසුවේ සුරංගනා කතාවකි.

ඔහු පැවසුවේ වැවක් හාරමින් සිටි බැකෝ ඩ්‍රයිවර් කෙනෙකුට අයත් මිල කළ නොහැකි වස්තුවක් වලළා තිබියදී එය හොරු ගැනීමට පෙර ගොඩ ගැනීමට හමුදාව ගිය බවයි. පොලිස්පතිවරයාගේ කතාවෙන් පසුව ජනතාවට ඇතිවන ගැටළු ගනනාවක් විවිධ මාධ්‍යන් විසින් ප්‍රශ්න කර තිබුනා.



2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක්‌ වාර්තාවී තිබෙන අතර 2012 වසරේ මුල් මාස 5 තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක්‌ වාර්තා වී තිබෙනවා.


අගමැතිවරයා විසින් ගම්පොල අම්බුළුවාව කන්දේ නිදන් හෑරූ බව එම ප්‍රදේශයේ බොහෝ දෙනා කියනු ලබන කරුණක්.

මේ අතර නිධාන් හෑරීම නැවතත් මතුවෙන්නේ ගම්පොල අම්බුළුවාව නිදන් කොල්ලයට තමන් සම්බන්ධ නැතැයි අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟය.

නමුත් එම ප්‍රකාශය අසත්‍යයක් බව අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ අවධාරණය කර තිබෙනවා.

අම්බුළුවාව සර්ව ආගමික පුදබිමේ දි.මු. ජයරත්න මහතා නිධානය ලබාගත් බවට දැනටද සාක්‍ෂි ඇති බවත්, අඩි 500ක් ගැඹුරු ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර ඇත්තේ නිධානය ලබාගැනීමට හෑරූ ස්ථානයේ බවත් උන් වහන්සේ පවසනවා.

තමන්ට දරුවන් පස්දෙනකු සිටින බවට අපහාස කරමින් අගමැතිවරයා තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට උත්සාහ ගන්නා බවත් දින 7ක් මුළුල්ලේ පිරිත් සජ්ජායනා කරමින් මේ නිධානය ලබාගෙන ඇති බවටත් ශාන්ත භද්‍ර හිමියෝ අගමැතිවරයාට චෝදනා එල්ලකරනවා.

අම්බුළුවාවේ ධර්ම ගවේෂී විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියෝ වැඩිදුරටත් පවසන්නේ තමාට කිසිදු පක්‍ෂයක් නොමැති බවත්, පසුගිය ඡන්දය කාලයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කෙළේද ජයරත්න මහතා බවයි.



-සම්බන්ධිත පුවත්-
නිධන් හෑරීම රට පුරා ජයටම
නිධන් හෑරූ එස්.ටී.‍එෆ් සෙබළුන් ගම්වාසීන්ට කොටුවේ

Related Posts Plugin for WordPress, Blogger...