මුස්ලිම් නිතිය පොත එලි දැක්වූ දා

ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත "මුස්ලිම් නීතිය" කෘතිය දොරට වැඩීම බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඊයේ දිනයේ සිදු කෙරිණි.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා සහභාගීවූ අතර මේ සඳහා ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය දඹර අමිල හිමියෝ ද නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු සියළු ජාතීන් නියෝජනය කරමින් ගිහි පැවදී විශාල පිරිසක් එක්වී සිටියහ.

එහිදී මෙම පොත එලි දැක්වූ ජ්‍යෙෂඨ නිතීඥ කරුණාරත්න හේරත් අදහස් දක්වා සිටියේ මෙලෙසින්


"අපේ රටේ නීතිය විවිධාකාරයි. යම්කිසි වරදක් කළ අයකුට දඬුවම් කිරීම සඳහා අපරාධ නීතිය තිබෙනවා. 1815 මාර්තු 2 ශ්‍රී ලංකාව යටත් විජිතයක් වුණා. ඒ වන විට රටේ පැවැති නීතිය ඒ වාගෙම පවත්වාගෙන යන්න ඒ අය ඉඩ දුන්නා. බි්‍රතාන්‍ය ආණ්ඩුව හැම යටත් විජිතයක් හඳහාම ඒ ක්‍රමය අනුගමනය කළා. එනිසා අපේ රටේ රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, මුස්ලිම් නීතිය තේස වලමේ නීතිය, රෝම ලන්දේසි නීතිය ආදී සියල්ලේ සංකලනයක් පවතිනවා.

මේ පොතේ මුස්ලිම් පුද්ගල නීති විස්තර වෙනවා. මුස්ලිම්වරයෙක් විවාහ විය යුත්තේ කෙසේද විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේද ආදී සෑම දෙයක්ම. බුදුරජාණන් වහන්සේ පරාභව, සිඟාලෝවාද සූත්‍රවල බෞද්ධ ජනයා සඳහා මෙවැනි අදහස් දක්වා තිබෙනවා. මුස්ලිම් නීතියට පාදක වී තිබෙන්නේ ශුද්ධ වූ නබිතුමා ගේබියල් දේව දූතයා මඟින් ඉදිරිපත් කළ ප්‍රතිපාදන බව අප දත යුතුයි.


මට මේ මුස්ලිම් නිතිය හදාරනකොට සිද්ධ උනා මුස්ලිම් ආගම හදාරන්න. මොකද මුස්ලිම් නිතිය කියන්නේ මුස්ලිම් ආගම. මුස්ලිම් නිතිපොත කියන්නේ ශුද්ධ වූ කුරානය.ඉතින් කුරානයේ ගත්තොත් ගාථා තියෙනවා හයදාස් හයසිය හැට හයක්.


ඉතා දීර්ඝ සහ ඉතා කෙටි ඒවා.ඒ වලින් කියවෙන ධර්මය ඉතා ගැඹුරුයි. මිනිසුන් මෙහෙයවන ආකාරය සමාජය මෙහෙයවන ආකාරය ඉතා විශිෂ්ඨයි. අපි ඉතා පටු විදියට බලලා ඇතැම් කරුණු මත ගන්න දිරන මත ඇති වන ජාතික ප්‍රශ්න වලට හේතුව වන්නේ තේරුම් නොගැනීම කියන එක. අද හලාල් කියල ප්‍රශනයක් ඇතිවෙලා තියෙනවා. 

ඔය කියන ය දන්නවද දන්නේ නැහැ හලාල් කියන වචනයේ තේරුම. හලාල් කියන්නේ දෙවියන් වහන්සේ විසින් අවසර දී ඇති යන්නයි.එක ඇඳුමක් වෙන්න පුළුවන් ආහාරයක් වෙන්න පුළුවන් ..එකේ විරුද්ධ වචනය තමයි හරාම් කියන එක.කරන්න එපා කියන එක. අපේ හැම ආගමක තියෙනවා කරන්න එපා කියන දේවල්.

මෙම නීති ග්‍රන්ථය ලියනකොට මේ පොතේ මුල් පරිච්චේද කිහිපයක්ම වෙන් කාරක තියෙනවා ඉස්ලාම් ධර්මය ඉලිබඳ මට තේරිච්ච දේ කියන්න. ඉස්ලාම් ධර්මයේ යහපත් බාවය කියන්න".


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම පොත කතෘ ප්‍රකාශයක් ලෙසින් එලි දැක්වීම සඳහා මුස්ලිම් සංවිධානයක් අනුග්‍රහය දැක්වූ බවයි.

ඒ මහතා පැවැත්වූ සම්පුර්ණ කතාව පහත වීඩියෝ වෙන් බැලිය හැක.





ජාතික භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය දඹර අමිල හිමියෝ කල කතාව

Related Posts Plugin for WordPress, Blogger...