දිනක්ෂි මගේ පෙම්වතිය නෙවෙයි - රොෂාන් රණවන
Sunday, February 17, 2013
තවද ජනප්‍රිය චිත්‍රපට නළුවකු වන රොෂාන් රණවන හා ජනප්‍රිය යොවුන් නිලි දිනක්ෂි ප්‍රියසාද් ද පැමිණ සිටියා. ඔවුන් දෙදෙනා එකට සිටි ජායාරුපයක් අල්ලමින් වෙබ් අඩවියක පල කල ප්‍රවෘතියක දැක්වුයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවයි.
එහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා ගොසිප්9 රොෂාන් රණවන සම්බන්ධ කරගත්තේ. පහතින් දැක්වෙන්නේ රොෂාන් රණවන විසින් අප වෙත දැක්වූ ප්‍රතිචාරයයි.
ගොසිප්9 : ඔබත් දිනක්ෂිත් පෙම්වතුන් කියන්න කතාව ඇත්තක්ද?
රොෂාන් : කිසිසේත්ම නැහැ.මට එක 100% වගකීමෙන් කිව හැකියි.මේක වයි එෆ්.එම් මගින් සංවිධානය කල උත්සවයක්. ඔවුන් මට කිවා දිනක්ෂි සමග මෙයට සහභාගී වන්න කියා. ඒ සඳහා අප දෙදෙනාටම වොඋන් මුල්‍යම ගෙවීමක් සිදු කලා.
මෙවැනි බොරු කතා ප්‍රචාරය කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්. මට විශ්වාසයි ජනතාව දන්නවා අප කව්රුන්දැයි කියා.


