ගොසිප්9 පුවතින් කුලප්පු වූ ITN නඩය

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප අප වෙබ් අඩවියේ පල වීමත් සමඟ ඊයේ ITN නාලිකාව විසින් එය ප්‍රධාන පුවතක් කරගන්නා ලදි.

ඔවුන්ගේ රාත්‍රී 7.00 හා 9.30 පුවත් මඟින් එසේ ගොසිප්9 වෙබ් අඩවියට ප්‍රචාරයක් ලබාදීම ගැන පලමුව අප ඔවුනට ස්තූතිවන්ත විය යුතුය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප පල වූයේ අප වෙබ් අඩවියේ පමණක් නොවන අතර ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත, හා BBC පුවත් ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවක් ඒවා පල කර තිබුණි.

එසේ තිබියදී රටේ ජනතාව යනු රෑට ITN නිවුස් පමණක් බලා එහි පෙන්වූ ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි ඔවුන් සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය.


LTTE සංවිධානයේ කෲර භාවය ගැන කීමට ඔවුන් යොදාගත්තේ ද ඉහත සඳහන් පුවතත් සමඟ අප විසින්ම පල කල "මානව හිමිකම් සහ ලංකාවේ ඉදිරි අභියෝග" නම් ලිපියෙන් අප විසින් ගෙන ආ "එල්.ටී.ටී.ඊ කුරිරු මතකයන් " ජායාරූපමය. පසුබිමෙන් ඇසුණු මහින්ද අබේසුන්දරගේ මනෝවිකාර හෑල්ලෙන් පැවසූයේ මව්බිමට එරෙහිවීමට දේශීය වශයෙන් කොන්ත්‍රාත්තුව ගොසිප්9 භාරගෙන ඇති බවයි.

ගොසිප්9 යනු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පවත්වාගන යන වෙබ් අඩවියක් නොවේ. අප වෙබ් අඩවියේ පලකිරීමට සිය ගනනක් දැන්වීම් දැනටමත් අප වෙත ලැබී තිබුනත් අප ඒවා පල නොකරන්නේ ඒ නිසාය.

එමෙන්ම
කාගේවත් කොන්ත්‍රාත්තු බාරගැනීමට අපට උවමනාවක්ද නැත. ඒ ගොසිප්9 යනු කිසිම පක්ෂයකට අයත් නොවූ නිදහස් මාධ්‍යයක් නිසාය. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ගොසිප්9 වෙබ් අඩවියට ඇලෙක්සා ශ්‍රේණිගතකිරීම් අනුව මෙතරම් ඉදිරියට පැමිණීමට අපට හැකිවූයේ ඒ නිසාය.


එමෙන්ම හෙට දිනයේ වුවත් වෙබ් අඩවිය නවතා දැමීමට අප සුදානම්ය. ඒ අපවෙබ් අඩවිය මගින් කිසිදු පාර්ශවයකට බැඳීමක් නොමැති හෙයිනි. එමෙන්ම මෙයින් උපයාගත් කිසිවක්ද නොමැත.
 
අවුරුදු තිහක කුරිරි යුද්ධයේ සාපකාරි මතකයන් ගොසිප්9 අපටද ඇත. ඉදිරියේදී පැවැත් වීට නියමිත මානව හිමිකම් සමුළුවේදී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන මානව හිමිකම් කඩකිරීම් වලට පිළිතුරුදීමට වත්මන් රජයේ කිසිදු සුදානමක් නැත.

ජිනීවාහි පිලියල වී ඇති ලංකාවට එරෙහි ව්‍යාජ වීඩියෝ වට පිළිතුරු දීම විනා ගොසිප්9 කෙරෙහි ඇති පෞද්ගලික අමනාපකම් මත උඩු බිරීමෙන් පලක් නොවන බව අප ITN වෙත මතක් කර සිටින්නෙමු. මේ වනවිටත් රජයේ කිහිපදෙනෙකු සූදානමින් සිටින්නේ ජිනීවා වෙත කලින් මෙන් ගොස් සැපක් ගැනීමටය.

පසුගිය මාර්තු මාසයේ ජිනීවා සමුළුව පැවැත්වෙද්දී ලංකාවේ සිදුවූයේ කුමක්ද? ජ්‍යෝතිෂ්‍යවේදීන් ගෙන්වා රජයට පක්ෂ අනාවැකි කියවන ලදි. සෑම දිස්ත්‍රික්කයකම ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණ කරන ලදි. ඒ අතරේ බඩු මිල ඉහල දැමුණි. බඩු මිල ඉහල දැමීමට උද්ඝෝෂණය කලවුන් දේශද්‍රෝහීන් ලෙඩ හංවඩු ගැසුණි.

අවසානයේ ඇමරිකාව ගෙනා යෝජනාව වැඩි ජන්ද 9කින් සම්මත විය. ජිනීවා යෝජනාව පරාජයට පත්වන බවට ජ්‍යෝතිෂ්‍යවේදීන් ගෙන්වා ප්‍රසිද්ධ කරගත් රජයට පක්ෂ ව කියවාගත් එම අනාවැකි සියල්ල බොරු විය.

එම සමුළුව සඳහා ගිය බොහෝ දෙනෙක් මෙය රට ගැන තීරණාත්මක අවස්ථාවක් බව අමතක කොට තිබුණි. සාප්පු සවාරියේ යාම, විනෝදයෙන් පසුවීම, තමාගේ තනතුර වෙනුවෙන් කුලල් කා ගැනීම, ගණිකාවන් කරා යාම එම ගමන පුරා දැකගත හැකිවූ දේවල් විය. ලංකාවෙන් ගොස් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජිනීවා නුවර හෝටලයක් ගණිකා පහස ලැබීමෙන් අනතුරුව ගැටළුවක් මතුවී තිබුණි.

ඒ ඔවුන් ගණිකාවන් හට ගෙවූ මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් කළමනාකාරිත්වය ඔවුන් රඳවා ගැනීමත් සමගයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමේ නියෝජිතයෙක් පැමිණ ඔවුන්ගේ හිඟ මුදල ගෙවා ඔවුන් බේරාගෙන ගොස් තිබූ අතර ඒවා පිළිබඳ ගොසිප්9 විසින් මීට පෙර හෙළිකරන ලදි.

ගොසිප්9 යනු ITN නාලිකාව මෙන් අඳුරේ අතපතගානා අන්ධයෙකු මෙන් ක්‍රියාකරනා මාධ්‍යයක් නොවේ. මහින්ද අබේසුන්දරගේ හතලිස් ඇඳිරිය සහිත දෙනෙතින් පෙනෙනා බොඳුවූ ලෝකයක් දකිනා ITN නාලිකාවට වඩා ගොසිප්9 අප ලංකාවට ආදරය කරන නමුත් අන්ධයෙකු මෙන් අඳුරේ අතපතගෑමට අපට උවමනාවක් නැත.

විකාශයවූ පුවත මඟින් ලංකා ඊ නිවුස් වල සහෝදර වෙබ් අඩවියක් ලෙස ගොසිප්9 හැඳින්වුවද ඊ නිවුස් හා අප අතර කිසිදු සම්බන්ධතාවයක් නැත. ඔවුන් ගොසිප්9 වෙබ් අඩවිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සමාන කිරීම ගැනද අපට ඇත්තේ කනගාටුවකි. ඔවුන්ට එහිදී මවාපාමටද අවශ්‍ය වුයේද එයයි.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවේ තහනම් කර තිබියදීත් ඔවුන් එම වෙබ් අඩවිය ගූගල් වෙතින් සොය සොයා යන්නේ ඇයිද යන්න නොදනිමු. ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් මීට පෙර අප විසින් හෙළි කල පරිදි රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා ITN ඇනගන්නේ නැත.

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ඉහල නිළධාරීන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ දිනේෂා ශ්‍රීමාලි පිළිබඳවත්, ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවන් සමඟ නිවුටන් ගුණරත්නගේ යහන්ගතවීම පිළිබඳවත් මීට පෙර අප විසින් හෙළි කර ඇත්තෙමු.

මහේල ජයවර්ධන ක්‍රිකට් තරඟ පාවා දෙන බව පැවසුවේ මහින්ද අබේසුන්දර විසිනි. එමෙන්ම සිය ආයතනයට පැමිනෙන තරුණියන්ගෙන් මහින්ද අබේසුන්දර විසින් ලිංගික අල්ලස් ගත් අයුරු "මහින්ද අබේසුන්දර චරිතාප්‍රදානය" ලිපියෙන් අප හෙළිකර ඇත්තෙමු

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩගේ ලක්ෂ 15 ක දුෂිත ගණුදෙනුව පිලිබඳවත් ඔහු අත් අඩංගුවට පත් නොවීම පිළිබඳවත් අප විසින් ලිපි 13ක් මේ වනවිට පල කර ඇත්තෙමු. නමුත් සුදර්මන් රදලියගොඩ නම් වූ එම සොරදෙටුවා තවමත් එම නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයාය.

ITN හා ගොසිප්9 වල වෙනස නම් රෙද්ද පල්ලෙන් බේරෙන ආශ්චර්යයෙන් යුත්, දුෂණයෙන් වෙලාගත්, හොරුන් හා තක්කඩියන්ගෙන් පිරි ලංකාවක් වෙනුවෙන් ITN පෙනී සිටීමත්, දුෂණයෙන් තොර යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් ගොසිප්9 පෙනීසිටීමත්ය.

ගොසිප්9 පුවත පිළිබඳව ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පුවත පහතින්.



මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද? ලිපිය මෙතනින්.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය බලන්න මෙතනින්.

-ජිනීවා පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. ජිනීවා නුවරින් නැසුණු කතා
2. ජිනීවා අවසන් ප්‍රතිපලය ගැන ජ්‍යොතිෂවේදීන් හෙළිකරයි.
3. ජිනීවා අර්බුදයට එරෙහිව තරුණයන් 500ක් මැරෙන්න ඉදිරිපත් වෙයි
4. ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට බලපෑමක්‌ නෑ- විෂ්ණු දෙවියන්ගේ අදහස
5. Google, Gmail ඇතුළු ඇමරිකානු නිශ්පාදන වර්ජනය කරන්න- විමල්
6. ඇමරිකාව ගෙනා මානව හිමිකම් යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
7. මානව හිමිකම් යෝජනාව සම්මත වීමෙන් ලංකාවට සිදුවන්නේ කුමක්ද?
8. මානව හිමිකම් සහ ලංකාවේ ඉදිරි අභියෝග
9. මානව හිමිකම් යෝජනාව කවුන්සලයට ඉදිරිපත් කරයි!

-සුදර්මන් රදලියගොඩ පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. සුදර්මන් නැවතත් පොලීසිය හා එක්ව සතුටු සාමීචියේ
2. සුදර්මන් දැන් නළුවෙක්. නමුත් තවමත් පොලීසියට ඔහු හමුවී නැත
3. සුදර්මන් අරලියගහ මන්දිරයේ
4. සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ
5. වරෙන්තුකරුවන් 10,648ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
6. වරෙන්තුකරුවන් 2,814ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
7. සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?
8. සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි
9. වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ
10. වරෙන්තුවෙන් මාස 6කට පසුත් සුධර්මන් නිදැල්ලේ
11. සුධර්මන්ට නිතිය ප්‍රමාද ඇයි?
12. අයි.ටී.එන් තුලාව නොවූ අධිකරණයේ තුලාව
13. සුධර්මන්ට වැඩ වරදී

-මහින්ද අබේසුන්දර පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. මහින්ද අබේසුන්දර චරිතාප්‍රදානය
2. මහින්ද අබේසුන්දරගෙන් මහේලට චෝදනා
3. මහින්ද අබේසුන්දරගේ අලුත්ම ක්‍රිකට් විග්‍රහය
4. ITN මවුබිමේ නාලිකාවයි-අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ වෙබ් අඩවියි
5. මහින්ද අබේසුන්දර දිනමිණ කර්තෘ ධුරයෙන් ඉවතට
6. මහින්ද අබේසුන්දර සිරසට දුක කියයි

Related Posts Plugin for WordPress, Blogger...