6 දෙනෙකු විසින් දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි

පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.

එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත.


බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකඩ වසා ඇත.

මේ ගැන සැක සිතූ වෛද්‍ය ශිෂ්‍යාව එයට විරෝධය පෑමේදී බස් රථ සහයක විසින් ඇයව බස් රථයේ පිටුපසට ගෙනගොස් ඇති අතර ඇයගේ පෙම්වතා එයට විරුද්ධ වීමේදී ඔහුට යකඩ පොල්ලකින් පහරදී බිම දමා ඇත .

ඉන් පසු බස් රථයේ සිටි බස් රථයේ රියදුරු, රියදුරු ගේ, සොහොයුරා රියදුරු සහයක ඇතුළු හය දෙනෙකු විසින් එම වෛද්‍ය ශිෂ්‍යාව කෘර ලෙස දුෂණයට ලක්කර ඇත.

එම කෘර ලෙස දුෂණය කිරීමේදී බස් රථය තුල තිබු "එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුළු කිරීම හේතුවෙන් ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයවයන දැඩිලෙස තුවාල වී තිබේ.

පැය 4ක කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට දුෂණය කිරීමන් පසු වෛද්‍ය ශියාව හා ඇගේ පෙම්වතා දිල්ලි නගරයේ විදියක දමා ගොස් සිටි අතර උදෑසන එම යුවල සිහිමද ගතියෙන් සිටිද්දී සොයාගෙන ඇත.

පසුව ඉන්දියානු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයට ශල්‍යකර්ම 3ක් පමන සිදු කල අතර වැඩි දුර ප්‍රතිකාර කිරීම සඳහා පෙරේදා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇය ගෙනගියා.

දින 13 ක් පුරාවට තම ජීවිතය වෙනුවෙන් සටන් වැදී එම ශිෂ්‍යාව අද අලුයම සදහටම දෙනෙත් පියාගත්තාය.

ඇයව බේරා ගැනීමට සියලු ප්‍රතිකාර සිදු කර ඇතත් ඇය මිගොස් තිබුනේ දුෂණය කිරීම අතරතුරදී ලබාදුන් කෘර වදහිංසා වලින් අවයව වලට හානි පැමිණීම නිසාවෙනි.

මෙම සිද්ධියට විරෝධයපා ඉන්දියාවේ සිසුන් හා ජනතාව පාරට බැස උද්ඝ්හෝෂන කිරීම නිසා පසුගිය දින කීපයේම ඉන්දියාවේ පොලීසිය හා ගැටුම් ඇතිවී තිබුණා.

ඉන්දියාවේ මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවක් නිරුවත් කිරීමට සැරසෙන වීඩියෝවක් මීට පෙර ගොසිප්9 ගෙන ආ අතර ඉන්දියාවේ කාන්තාවන් දූෂණයට ලක්වීම ඉන්දියාවේ මෙන්ම ලංකාවේද වර්ධනය වී තිබෙනවා.

ඉහත සිදුවීමට සමාන සිදුවීමකට ලාංකීය පාසැල් සිසුවියක් මීට වසර 2කට පෙර මුහුන දුන්නේ පිටකොටුවේදී බස් රථයක් තුලදීය. ඇයව දූෂණය කර තිබුනේ රියදුරු හා කොන්දොස්තර විසිනි. ඒ පොහොය දිනයකදීය.

තවද, පසුගිය අප්‍රේල් මාසයේ අනුරාධපුරය සිට හොරොව්පතාන දක්වා ගමන් ගත් ලංකා ගමනාගමන මණඩලයට අයත් බස් රථයක් තුලදී රාත්‍රී 9.30 ට පමණ 22 හැවිරිදි තරුණියක් ලිංගික අතවරයට ලක්වුනේ එහි කොන්දොස්තර වරයාගෙනි.


























-සම්බන්ධිත පුවත්-
ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී

Related Posts Plugin for WordPress, Blogger...