දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
Wednesday, December 19, 2012
එය ලෝක විනාශයක් යැයි කිසිවිටෙකත් අපි නොකියන අතර දෙසැම්බර් 21වනදා පිළිබඳ මීට පෙර අප හෙළිකල ලිපිය මෙතනින්.
21 වනදායින් පසු දින 3ක් ඉර පායන්නේ නැති බවට චීනයේ පත්‍රිකා බෙදූ 93 දෙනෙකු පෙරේදා එරට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා
කෙසේවුවද මෙතෙක් කල් අසන්නට නොලැබුණු පුවත් රාශියක් මේ දිනවල ලංකාවෙන් අසන්නට ලැබෙනවා.
1. අද්භූත එළි දර්ශනය වීම්
2. උල්කාපත වැටීම්
3. රතු, කහ, ජෙලි වර්ෂා
4. බල්ලන් සිය ගනනින් මියයාම
5. අම්පාරේ නොකඩවා භූ කම්පන
6. මුහුදු නයි මතුවීම
7. දකුණින් ඉර පෑයීම
8. ජල උල්පත් රතුපාට වීම යන ඒවා ඒ අතරින් ප්‍රධානවේ.
දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකියක්

2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමිය හා ඉන්දියාවේ භූමිකම්පා දෙකක් පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද ඔහු බවයි පැවසෙන්නේ.
දෙසැම්බර් 29 වනදා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම ලලිත් මහතා කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ඔහු පවසනවා.
මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.
පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිබ බවද දිනමිණ පුවත්පත ප්‍රකාශ කරයි.
මුහුදු නයි මතුවීම

මීට පෙරද එලෙස මෙම ප්‍රදේශ වලින් මුහුදු නයි මතුවී තිබෙන අතර ඒ සෑම අවස්ථාවක්දීම ස්වභාවික ව්‍යසනයන් සිදුවී තිබෙන බව අප කළ සොයාබැලීමකදී හෙළිවුණා.
2004 වසරේ දෙසැම්බර් සුනාමි ඛේදවාචකයට පෙර මඩකපුව දිස්ත‍්‍රික්කයේ මුහුදු බඩ කලපු හා ජලාශවල හදිසියේම සිය දහස් ගණනින් දකින්නට ලැබුණ සර්ප විශේෂයක් මතුවී තිබුණා. මඩකලපුව කින්නියා හා කල්අඩි පාලම ප‍්‍රදේශයේ කලපුව හා ගංගා ඔයවල්හි සුනාමි ඛේදවාචකය සිදුවීම ආසන්නයේ මතුවූ සුදු පැහැති එම සර්පයන් දිගින් අඩි එකහමාරක් පමණ වුනා.
2010 වසරේද දෙසැම්බර් මාසයේ මසුන් වැඩිපුර මතුවන බවට වූ ප‍්‍රචාරයත් සමග ප‍්‍රදේශයේ ජනතාව රාත‍්‍රියේ ඉහතකී ප‍්‍රදේශවල ජලයේ කළ පරීක්‍ෂණවලදී මසුන් වෙනුවට මෙම සර්ප විශේෂය මතුවූ බව වාර්තා වී තිබුණා. මඩකපුව කල්ලඩි පාලම පිහිටි ප‍්‍රදේශය මඩකලපු ප‍්‍රදේශය කට්ටයාඩුම් පලම පිහිටි ජලාශයේ මෙම සර්ප විශේෂය දහස් ගණනින් සිටි අතර එම ප්‍රදේශයේ ගංවතුර අනතුරු රැසක් එම කාලයේ සිදුවුණා.
ජල උල්පත් රතුපාට වීම

එම ළිඳ අයිතිකරු විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත සිද්ධිය වාර්තා කොට ඇති අතර පසුව ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා එමගින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත දැනුම්දී තිබේ.
රත්නපුර ජල සම්පාදන මණ්‌ඩලය එම ජල සාම්පල් ලබාගෙන පරීක්‌ෂණ පවත්වයි. එම වර්ණය මිශ්‍ර වීමක් වීමට කිසිදු ඉඩක් නොමැති බවද පැවසේ. ඒ පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින්.
මීර පෙර අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළෙහි ජලය දැන් දින 5ක පටන් රතු පැහැයට හරි ඇති බව පසුගිය 11 වෙනිදා අප ඔබට වාර්තා කළා. එම පුවත මෙතනින්.
ඒ පිළිබඳ වීඩියෝව පහතින්.
අම්පාරේ නොකඩවා භූ කම්පන

නැවත් එක්වරම පසුගිය දින කිහිපයකම අම්පාර ප්‍රදේශයේ භූ කම්පන 31ක් පමණ වාර්තා වුණා. එයට හේතුව තවමත් නිශ්චිතව සොයාගැනීමට හැකිවී නැහැ.
මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‌ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එම්. පී. විජයානන්ද මහතා පවසන්නේ මෙවැන්නක්.
"මෙම භූ චලනයන් පිළිබඳව අපි දැඩි අවධානයකින් සිටිනවා. ඒ අනුව අපට මෙම භූ චලනයන් සෙනසුරාදා දිනවල වැඩි වශයෙන්ම සිදුවන බව පෙනී ගියා. අපි මෙම සෙනසුරාදා දිනයේද භූ චලනයන් ඇති වෙතැයි සිතුවා. ඒ අයුරින්ම පෙරේදා යළිත් භූ චලනයන් සිදුවුණා. දැනට පෙනී ගිය කරුණු අනුව අපට වැටහෙන්නේ ස්‌වාභාවික ක්‍රියාවලියකට වඩා මිනිස් ක්‍රියාවලියන් නිසා මේවා සිදුවන බවයි."
උල්කාපාත වැටීම්

උල්කාපාත වැටීම් 3ක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් අප ගෙන ආ කරුණු වලට අමතරව පොළොන්නරුවේ ඕනෑගම ගොවි ජනපදයේ නිවෙසක් අසළට ඊයේ (18) පෙරවරු 10 ට පමණ උල්කාෂ්මයක් කඩාවැටී තිබෙනවා.
කහපාට ගිනි බෝලයක් සේ පැමිණි මෙම උල්කාෂ්මය පිපිරීමෙන් විශාල බුරුත ගසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙන බවත් පිපිරීම සිදුවීමත් සමඟ බුරුත ගසේ කොටස් මීටර් 100 ක් පමණ දුරකට කුඩු වී විසිවී ඇති බවත් වාර්තා වෙනවා.
මෙම සිද්ධිය දුටු ඕනෑගම 15 ඇළ පදිංචි ආර්. ඇම්. තිලකරත්න මහතා පවසන්නේ මෙවැන්නක් "පෙරවරු 10 ට පමණ මම නිවස ඉදිරිපිට සිටින විට එක්වරම කහ පාට ගිනි බෝලයක් පොළව දෙසට එනවා දුටුවා. ඒ සමඟම එය පුපුරා ගියා. මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා. පසුව බලන විට ගේ අසල තිබූ බුරුත ගස කෑලිවලට කැඩී බිමට වැටුණා. එහි කැබලි මීටර් 100 ක් දුරට විසිවී තිබුණා."
රතු, කහ, ජෙලි වැස්ස

සෙවනගල, මොණරාගල (නොවැම්බර් 15)
වැල්ලවාය, හඳපානාගල (නොවැම්බර් 20)
සෙවනගල, ඉදිකොළපැලැස්ස (දෙසැම්බර් 12)
පොළොන්නරුව, මනම්පිටිය (දෙසැම්බර් 15)
අම්පාර, පදියතලාව (දෙසැම්බර් 15)
ගාල්ල, වඳුරඹ (දෙසැම්බර් 17)
අම්බලන්ගොඩ, අලුත්වල (දෙසැම්බර් 18)

පෙරේදා (දෙසැම්බර් 18 ) රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්තයැයි ප්‍රදේශවාසීන් කියනවා.
ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව තිබෙනවා.

බුලත්සිංහල ගෝවින්න විලපහල ප‍්‍රදේශයේ කුඹුරු යායකට පෙරේදා (දෙසැම්බර් 17 ) පස්වරුවේ සුදු පැහැති ජෙලි වැනි ද්‍රව්‍යයක් අහසින් ඇද වැටී තිබෙන අතර මේ හේතුවෙන් ගෝවින්න ප‍්‍රදේශවාසීන් දැඩි විමතියට පත්ව සිටී. ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇති බවයි බුලත්සිංහල පොලීසිය පවසන්නේ.
රතු වැස්සට හේතුව කිසියම් ඇල්ගී විශේෂයක් බවත් එම ඇල්ගී විශේෂය පෘථිවියෙන් හමු නොවන බවත් එබැවින් නිසා රතු වැස්ස පිටසක්වල බලපෑමක් විය හැකි බවටද අදහස් පළ වනවා.
තවත් අදහසක් වන්නේ බටහිර රටවල කෙරෙන රසායනික අවි අත්හදා බැලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස රතු වැස්ස ඇදහැලෙන බවයි. රසායනික අවි සම්මුතිය පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ රතු පැහැති ඇල්ගී රතු මුහුදේද වැඩෙන නිසා ඇතැම් විට කුඩා ප‍්‍රමාණයේ මසුන් පවා ඉහළට ඇදී ගොස් වැස්ස සමග ඇද වැටෙන්නා සේ එම ඇල්ගීද ඉහළට ඇදීගොස් වැස්ස සමග ඇදහැලිය හැකි බවයි.
මීට පෙර ලෝ පුරා රටවල් වලින් වැස්ස සමඟ හරකුන්, මකුළුවන්, පණුවන්, රතුපාට ජලය, ජෙලි, මුදල්, විවිධ වර්ණයෙන් යුත් හිම, මාලු, කුඩා පක්ෂීන්, මස්, ජුජුබ්ස් අදිය වැටී ඇති අතර ඒ පිළිබඳ වාර්තාවන් එකතුවක් මෙතනින්.
දිඹුලාගල බල්ලන් මියයාම
පසුගියදා දුඹුලාගල ප්‍රදේශයේ සුනඛයන් 200ක් පමණ හදිසියේ මියගොස් තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවේ, දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බවය.
දකුණින් ඉර පෑයීම

නමුත් අප කළ සොයාබැලීමකදී හෙළිවුනේ මාලිමාව ඉහලට අල්ලා ගත් මෙවැනි ජායාරූප වලින් එලෙස පැවසිය නොහැකි බවයි.
සූර්යයා දිස්වන දිශාවට වම, දකුණ, උඩ, පහළින් මාලිමාව අල්ලන ස්ථානය අනුව එම ඉර තිබෙන දිශාව වෙනස්වේ. නිවැරදි ක්‍රමය වන්නේ මාලිමාවක් ඉහලට අල්ලා ජායාරූප ගැනීම නොව යම් සෙවනැල්ලක් පොළොව මත තැබූ මාලිමාව උඩින් වැටෙන ලෙස ජායාරූප ගැනීමයි.
අනෙක් කරුණ නම් අවුරුද්දේ මාස 12 තුල සූර්යය එකම කෝණයකින් උදාවන්නේද නැත. එය අංශක ගණනකින් මාසය අනුව වෙනස්වේ. එය ස්වහාවික සංසිද්ධියකි. චන්දන ජයරත්න විසින් මේ පිළිබඳව පවසා තිබුනේ මාක්ස්ටීරියා රෝගය නිසා මෙවැනිදෑ පෙනෙන්නට පුලුවන් බවයි.
ඒම සිදුවීම පිළිබඳ වීඩියෝවක් පහතින්.
අද්භූත එළි දර්ශනය වීම්

ඒ පිලිබඳව ජායාරූප හා වීඩියෝ රැසක් අප ඔබට ගෙන ආ අතර මේ පිළිබඳව විවිධ විද්වතුන් පවසන හේතු ගනනාවක් අප ඔබට ගෙන ආවා.
තාරකා විද්‍යාඥයෙකු බව කියාගන්නා විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වන අනුර සී පෙරෙරා මහතා පසුගියදා ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
"අහසෙන් එක කිසිම වස්තුවකට රේඩාර් යන්ත්‍ර වලය අහු නොවී පොළොවට එන්න බෑ. ලංකාවට ඉහලින් කිසිම ආකාශ වස්තුවකට එහා මෙහා යන්න බෑ ඒක වැටෙනවා අපේ ගුවන් හමුදාවේ රේඩාර් පද්ධතියට.
ඉතින් මේවා උඩින් ආව දේවල් නෙවෙයි. මේවා අපේ පොළොව මතුපිට ඉඳන් කවුරු හරි අහසට යැවූ වායු බැලුන්.
මම නම් හිතන්නේ නෑ කීයටවත් පිටසක්වල ජීවීන් එහෙම වැඩක් කරයි කියලා. නියම ජීවීන් ආවොත්, ඒ කියන්නේ දියුණු කොට්ඨාශයන්නේ එන්නේ ඒ අය අපිත් එක්ක සම්බන්ධ කම් ඇතිකරගනී."
එම වීඩියෝව පහතින්.
මේ අතර විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මහතා විසින් පිටසක්වල ජීවින් ලංකාවට එනවා නම් එන්නේ ගෝල්ෆේස් එකට බව පුවත්පතට ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.
අපේ ග්‍රහලෝකයෙන් එහා විශ්වයේ වෙනත් ග්‍රහලෝකයක ජීවයක් තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයින් පිළිගන්නවා. නමුත් තිරසාර සාක්ෂියක් මේ වනතුරු හමුවෙලා නැහැ. එවැනි ජීවින්ගෙන් එන රේඩියෝ පණිවිඩයක්වත්, නැත්නම් එම ජීවීන් යවන යානාවක් වත්, වෙනත් කිසිම ආකරයේ පිටසක්වල ජීවයක් පවතීය යන සංඥාවක්, ඉඟියක් තාම විද්‍යාවට හසුවෙලා නැහැ.
එළි දැකීමයි පිටසක්වල ජීවීන්ගෙයි අතර සම්බන්ධතාවයක් තාම කවුරුත් එළි කරලා නැහැ. ඒවා හුදෙක් තමන් හිතෙන් මවාගත්තු අදහස් පමණයි. එළි දැක්කා කියන එක ගවේශනය කරලා එළි මොනවද කියලා හොයාගන ගියොත් ඒකට හේතුව අග මුල පොළවෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. නමුත් පිටසක්වල ජීවීන් ඒකට ඈඳාගන්න බෑ.
ලංකාවේ මිනිසුන්ට දවල් කාලයෙයි, රාත්‍රී කාලයේයි අහස ගැන පැහැදිළි අවබෝධයක් නැහැ. අහසේ යන ගුවන්යානා වලට අමතරව චලනය වන තව බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒවායින් සමහරක් දේවල් ස්වාභාවික, සමහර දේවල් මිනිසා විසින් නිර්මාණය කරපු දේවල් වෙන්න පුලුවන්.
එවැනි දේවල් දැකල නැති පුරුදු නැති අය අසාමාන්‍ය දෙයක් දැකපුවහම කලබල වෙනවා. ඒක අද්භූත බව ප්‍රකාශ කරනවා. පිටසක්වල ජීවීන් එනවා නම් කැලෑ වලටවත්, අහුමුලු වලටත් හැංගි හොරා එන්නේ නැහැ. එනවා නම් ඔවුන් ගෝල්ෆේස් එකට වගේ ප්‍රසිද්ධ තැනකට එන්නේ. අනික තමා ඔවුන් එනවා නම් ඔවුන්ගේ පැමිණිම පිළිබඳව රේඩාර් හා ගගන තාක්ෂණ වලින් සැනෙකින් සොයාගන්න පුළුවන්. හැංගි හැංගි ජනශූන්‍ය ප්‍රදේශ වලට එනවා කියන එකේ කිසිසේත්ම සත්‍යයක් නැහැ. එම ලිපිය මෙතනින්.
අහසෙන් එක කිසිම වස්තුවකට රේඩාර් යන්ත්‍ර වලය අහු නොවී පොළොවට එන්න බෑ වැනි මෝඩ කතා කියනා මෙවැනි පුද්ගලයන් තමා තාරකා විද්‍යාඥයෙකු ලෙස හඳුන්වාගැනීමද ලැජ්ජා විය යුතුය.

"හඳුනානොගත් ආකාශ වස්තු හෙවත් UFO කියන්නෙ එක්තරා කතා මාලාවකට ගොතපු ඇඩ්වර්ටයිසින් ට්‍රැජඩියක්" බව ඔහු පැවසුවද පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් රැගත් යාය 4 නම් ටෙලි නාට්‍යය ස්වර්ණවාහිනියෙන් විකාශය වන බව මෙතෙක් කලක් බොහෝ දෙනෙකු දැන සිටියේද නැත. මෙවැනි අද්භූත එළි දර්ශය වූමෙන් පසුවද එවැනි ටෙලිනාට්‍යයක් ගැන තවමත් බොහෝ දෙනා දන්නේද නැත.
එක මතයක් නැති චන්දන ජයරත්න විසින් මේවා මීතේන් බෝල, විෂපෝෂියා සින්ඩ්‍රෝම් නමැති මානසික රෝගය, මේ පේන්නේ බ්‍රහස්පතී, කැමරා වල තාක්ෂණික දෝෂ, මාක්ස්ටීරියා නම් මානසික රෝගය ලෙස දිනපතා මත වෙනස් කරන්නාක් මෙන් ඉන්ද්‍රනාත තේනුවර මහතාද මීට පෙර කාච වල දෝෂ නිසා ඒවා පේන බවට කළ මතය වෙනස් කළේ එලෙසිනි.
නමුත් "හඳුනානොගත් ආකාශ වස්තු හෙවත් UFO කියන්නෙ එක්තරා කතා මාලාවකට ගොතපු ඇඩ්වර්ටයිසින් ට්‍රැජඩියක්" යැයි රූපවාහිනියට ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි වුනේ එය විමසා සිටියේ ස්වර්ණවාහිනියෙන්ම නිසාය.
