පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම
Friday, October 19, 2012
පසුව එම ගුරු හිමිනම විසින් එම පෙම් හසුන පන්තියටම ඇසෙන සේ කියවා ඇත.ඉන් අනතුරුව එම ගුරු හිමිනම විසින් මේ පිලිබඳ පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව විදුහල්පතිවරයා විසින් නවෝද් විදුහල්පති කාර්යාලයට කැඳවා උගන්වන වෙලාවේදී මෙවන් දෑ සිදු නොකරන මෙන් අවවාදකොට පිටත්කර තිබෙනවා.
පසුව විදුහල්පතිවරයා විසින් පෙම් හසුනක් ආකාරයෙන් ලියා තිබු මෙම කවි පෙළ බැලීමේදී එහි නිර්මාණශීලි බව දැක පාසලේ සංගීත ගුරුවරයාට පෙන්වා ඇති අතර ඔවුන් දෙදෙනාගේම අදහස වී ඇත්තේ මෙය ගීතයක් බවට පත්කොට එම පද පේලියට වටිනාකමක් ලබාදිය යුතු බවයි.
ඒ අනුව නවෝද් විසින් එම පදවැල ගීතයකට උචිත සේ නැවත රචනාකළ අතර එය නව පරපුරේ ප්‍රසිද්ධ ගායක , සුපර් ස්ටාර් තුලින් ජනප්‍රියත්වයට පත් තීක්ෂණ අනුරාධ විසින් ගායනාකොට ඇත.
ඒ අනුව නවෝද් විසින් රචනා කල ගීතයේ සංගීතය නිර්මාණය කරනු ලැබුවේ පාසලේ සංගීත ගුරුවරයා වන රන්ජිත් ප්‍රේමවිර මහතා විසිනි.එම ගීතය නිෂ්පාදනය කරනු ලැබුවේ නවෝද්ගේ පන්තිභාර ගුරුතුමිය වන චම්පිකා විජේසිංහ මහත්මිය විසිනි.
මෙලෙස නිර්මාණය වූ ගීතය පුජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ප්‍රනීත් අබේසුන්දර ඇතුළු ප්‍රවීන කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා අසෝක විද්‍යාලයේදී එලි දක්වනු ලැබුවා.
එම ගීතයට වීඩියෝවක් නිර්මාණයකර තිබු අතර එය මෙම ගීතයේ සැබෑ සිදුවීම ප්‍රතිනිර්මාණය කිරීමකි.මුළු ගීතයම පාහේ රුගතකර තිබුනේ අසෝක විද්‍යාල භූමියේය.මෙම අවස්ථාව සඳහා නවෝද්ගේ දෙමාපියන්ද සහභාගී වී සිටි අතර එය ඔවුන්ට සංවේදී අවස්ථාවක් වී තිබුනා.
නවෝද් විසින් රචිත ගීතයේ පදවැල්
මං ආසයි හිනාවෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක් අරන් එන්න
මං ආසයි යාළු වෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න
මං ආසයි නුඹත් එක්ක
ස්නේහයේ සුව විදින්න
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න
නවෝද් ගේ ගීතය තීක්ෂණ අනුරාධ විසින් ගීතයකට පෙරළු අයුරු
ගීතය භාගත කරගන්න මෙතනින්
නවෝද්ගේ ගීතය අශෝක විද්‍යලයේදී එලි දැක්වූ අයුරු
නවෝද්ගේ ගීතයේ මියුසික් වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වූ වහාම බලාපොරොත්තුවන්න
