මම ආසයි යාලු වෙන්න ගීතය ඇත්තටම ලියූවේ කවුද?


පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.

කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.

නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ.


කුඩා පූස් පැටවෙකුගේ පිතූරයක් මත ලියන ලද එය ඊමේල්, ෆේස්බුක්, 
හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි.

"මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස 
හිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය.

එම පින්තූරය පහතින්.





සෑබෑ ප්‍රමාණයෙන් මෙම ජායාරූපය මෙතනින්.

-සම්බන්ධිත පුවත්-
පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම

Related Posts Plugin for WordPress, Blogger...