තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් ඊයේ කී කාලගුණ අනාවැකිය හරි ගියාද?
Wednesday, October 31, 2012
එහි සඳහන් වූ පරිදි ඊයේ දිනයේ නගර කිහිපයකට ඔහු විසින් පල කළ අනාවැකි හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන දත්ත අනුව 90%කට වැඩි නිවැරදිතාවයකින් ඔහුගේ අනාවැකිය හරි ගොස් තිබෙනවා.
ඔහු විසින් පල කළ අනාවැකි හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන දත්ත පහත පරිදිය

කෙසේ වුවද පෙරේදා හිරු ප්‍රවෘත්ති විකාශය තුලින් ඔහුගේ වර්ෂාපතන අනාවැකි වල සඳහන් වූ අගයන් හා පසුව සඳහන් වූ අනාවැකි වල අගයන් අතර පරස්පරතාවයක් තිබෙනවා.
මීට පෙර පැවසූ අගයන් වන්නේ යාපනයට මිලිමීටර් 25-50ත් අතර, ත්‍රීකුණාමලයට මිලිමීටර් 50-150ත් අතර, මඩකලපුවට මිලිමීටර් 25-50ත් අතර, කොළඹට මිලිමීටර් 25-50ත් අතර බවයි. එම වීඩියෝවට මෙතනින්.
ඊයේ දිනයේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයට මිලිමීටර් 10ට අඩු වැස්සක් ඇති වන බවට ඔහු විසින් අනාවැකි පල කළත් වර්ෂාව නිසා තරඟට බාධා එල්ලවුණා.
එම අනාවැකියේ නිරවද්‍යතාවය බලාගැනීමට ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයට ලැබුණු වර්ෂාපතනය අප වෙත දැනගන්නට ලැබුනේ නැහැ.
ඉන්ටෙල් සමාගමේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති මලීන් සහභාගීවූ අන්තර්ජාතික ඉංජිනේරු හා විද්‍යා තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් සිසුන් හතර දෙනෙකු සහභාගී වී තිබෙන අතර ඒ පිළිබඳව ඉන්ටෙල් වෙබ් අඩවියේ දැක්වෙන විස්තර සඳහා මෙතනින් හා මෙතනින් පිවිසිය හැකිය.
මලීන්ගේ මීලඟ බලාපොරොත්තුව භූ කම්පන හා ස්වභාවික ව්‍යසනයන් සඳහා මෙම ග්‍රහ පිහිටීම ඇසුරෙන් අනාවැකි පලකිරීමේ ක්‍රමවේදයක් සොයාගැනීම බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳව වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක කාලගුණ අනාවැකි කිව හැකි නව ක්‍රමයක් පාසැල් සිසුවෙකු සොයාගනී
