විදුහල්පතිට ගල් ගැසූ දෙමව්පියෝ හා දරුවෝ
Tuesday, October 2, 2012
ඔහුගේ නවතම මෝටර් රියට මල්පෝච්චි හා ගල්මුල් ආදියෙන් ගැසීම නිසා දැඩි අලාභානි කළ සිසුන් විසින් පාසල ඉදිරිපිට වූ පොලීසියටද ගල් මුල් හා කොසු ඉදල් වලින් පහරදී තිබුණා.
ගේට්‌ටුව කඩාගත් දෙමාපියන් පිරිසක් විද්‍යාලය තුළට දිවගිය බැවින් තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකයද කැඳවනු ලැබූ අතර සිද්ධියෙන් නව විදුහල්පති වරයාටත්, තවත් ගුරුවරයකුත් තුවාල ලබා ඇති අතර සිසුන් සිව් දෙනෙකුද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ වනවිට විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙන අතර ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී ලමයින් හා වැඩිහිටියන්ගේ මෙම හැසිරීමේ පිළිබඳව බොහෝ දෙනා තම අප්‍රසාදය පලකර තිබෙනවා.
