වැඩට යන ගමන් පොකට් ගැසූ සාජන් මාට්ටු
Thursday, October 11, 2012
පුද්ගලික බස් රියේ සෙනග පිරී සිටිය දී තමන්ගේ බෑගය කිසිවකු විසින් අදින බවක් කාන්තාවට දැනී ඇති අතර ඒ සමඟම ඊළඟ බස් පොළෙන් බසයෙන් පුද්ගලයෙක් බැස ගොස් ඇත.
අනතුරුව ඇය තමන්ගේ බෑගය පරීක්ෂා කිරීමේ දී පසුම්බිය අතුරුදන් වී තිබෙන බව දැන කෑ ගසා බසය නවතා ඇත්තේ බසයෙන් බැස ගිය පුද්ගලයා අල්ලාගැනීමටයි.
බසයෙන් බැස ත්‍රීවිලරයක නැගී ආපසු පැමිනෙන විට සැක කටයුතු පුද්ගලයා දැක ඇති අතර කෑ ගසා සෙසු පුද්ගලයන්ගේ සහයෝගයෙන් සැකකරුවා අල්ලාගන තිබෙනවා.
ඔහු කෑගල්ල පොලිසිය වෙත ගෙන ගොස් සාක්කු පරික්ෂා කිරීමේ දී කාන්තාවගේ පසුම්බිය හමු වී තිබෙන අතර අනතුරුව මෙම සැකකරුවා පින්දෙනිය පොලිසියේ සේවයේ නියුතු සාජන්වරයකු බව හඳුනාගන තිබෙනවා.
කාන්තාව පැවසූ ආකාරයට රුපියල් පන්දහසක් එහි තිබී ඇත.
