මර්වින්ගේ හොඳ වැඩ!
Monday, October 1, 2012
මර්වින්ගේ දුෂණ වංචා අප විසින් කොතෙකුත් හෙළිදරව් කර ඇතත් අද දිනයේ මේ ලිපිය වෙන් වන්නේ මර්වින් සිල්වා විසින් පසුගිය කාලයේ සිදුකල සමාජ සත්කාර කිහිපයක් පිළිබඳවයි.
උපතින්ම දෑත් අහිමිව ගියත් වම් පාදයෙන් ලියා ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් සාමාර්ථයක් හිමිකරගත් රශ්මි නිමේෂා ගුණවර්ධන දියණියට අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් කෘතිම අතක් ලබාදීමට ටච් කමියුනිටි (Touch Community) නම් ආයතනය පියවර ගෙන තිබේ.
තවද ජා-ඇල කණුවන කතෝලික සුසාන භූමියේ ජීවත්වන දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක් පිළිබඳව පුවත්පත කින් දුටු මර්වින් කැලණිය ආසනයෙන් ඉඩමක් ලබාදී නිවසක් තනා දීමට ද පියවර ගෙන තිබේ.
මෙම දරුපවුලේ පියා මුරුගේසු ක්‍රිෂ්ණ බාලු නම් දමිළ ජාතිකයෙකු වන අතර මව සිංහල ජාතික ස්වර්ණලතා නමැත්තියකි. මධුසංඛ (03), මධු මාලන් (02) සහ ලහිරු (01) නමින් කුඩා දරුවන් තිදෙනෙක් ඔවුන්ට සිටියි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි සතුටු උයන පරිශ්‍රයේ දී අද දිනයේ පැවැත්වෙන ලෝක ළමාදිනය දකුණු ආසියාවේ ළමුන්ගේ වැඩිම සහභාගීත්වයකින් සිදුකිරීමට පියවර ගෙන ඇත්තේද මර්වින් සිල්වාය.
රශ්මි නිමේෂා දැරියට කෘතීම අත ලබාදීමේ සංකේතාත්මක උත්සවයේ වීඩියෝව පහතින් බලන්න
