සිරසේ Super Star-5 වෙනස්කම් දෙරණ Dream Star කොපි කරයි

සිරස ටීවී ආරම්භ කල බොහෝ දේවල් අනෙකුත් රූපවාහිණී නාලිකා විසින් කොපි කරන බව සත්‍යයක්.

ඉදිරි නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත සුපර් ස්ටාර්- 5 පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් පසුගිය අගෝස්තු 22වනදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීරණයේදී පැවැත්වුණා.

එහිදී පැවසූ "සුපර් ස්ටාර්-5" වැඩසටහනේදී දැකිය හැකි නව සංකල්ප ඒ ආකාරයෙන්ම මාසයක් යන්නටත් කලියෙන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විසින් පෙරේදා කොපි කර තිබුනේ කිසිම හිරිකිතයකින් තොරවයි.


රුපියල් කෝටියක මුදලක් ජයග්‍රාහකයකුට පිරිනමන සුපර් ස්ටාර්- 5 පිළිබඳ අගෝස්තු 22වනදා අධ්‍යක්ෂ සුසාර දිනාල් පැවසූ අදහස් වලින් කොටසක් පහතින්.

"මේ ආකෘතිය තුල තවත් වෙනස්කම තියනවා. ඒ අතරින් මූලික වටයේදී මේ අය ගීත ගායනා කරන්නේ විනිශ්ච මණ්ඩලය මේ අයගේ මූනට මූණ බලාගන නෙවෙයි. අපි ඒකට කියනවා බ්ලයින්ඩ් ඕඩිෂන් කියලා. පලවෙනි වටයේ තරඟ පැවැත්වෙන්නේ විනිශ්චමණ්ඩලේ පසුපසින් ගායක ගායිකාවන් ගීත ගායනා කරමින්. විනිශ්ච මණ්ඩලයට ඇහෙන්නේ ඔවුන්ගේ හඬ පමණයි.

100 දෙනා 12 දෙනා වන යම් යම් ලක්ෂණ කීපයක් පමණයි මම ඔබට කිව්වේ. මොකද මේ ලක්ෂණ මම ඔබට කිව්වට පස්සේ හෙට සමහර විට දැනට පවතින වැඩසටහනක මේක කොටසක් වෙන්න පුළුවන්. අපිට එහෙම පරණ අත්දැකීම් තියනවා. සමහර වෙලාවට මේ කොටස් ටික එකතු කරලා බොහොම ඉක්මනට හදපු බාගෙට උයපු හොද්දක් වගේ වැඩසටහනක් ඔබට දකින්න හම්බවෙන්න පුලුවන්. නමුත් මේ මොහොත වෙනවිට මම මේ ඔබට කියපු සංකල්ප කිසිවක් ටෙලිවිෂන් ප්‍රේක්ෂකයාට දැකගැනීමට ලැබෙන්නේ නැහැ.
"

එම වීඩියෝව පහතින්.



එලෙස පැවසූ කරුණු ඒ ආකාරයෙන්ම මාසයක් යන්නටත් කලියෙන් කිසිම හිරිකිතයකින් තොරව දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විසින් පෙරේදා කොපි කර තිබුණා.

එහිදී ඔවුන් ගායනය ආරම්භයේ නව වෙනසක් ලෙස එය පැහැදිළි කල අතර ගීත ගායනා කිරීමේදී විනිශ්ච මණ්ඩලය වේදිකාවට පිටුපා ගායනයන්හි හඬ සඳහා පමණක් අවධානය යොමුකරමින් සිටි අතර වේදිකාව දෙසට හැරීමෙන් කැමැත්ත ප්‍රකාශ කලේ සුසාර දිනාල් විසින් අනාවැකි පල කල ආකාරයෙන්ම එය අමු අමුවේ කොපි කරමින්.

එම වීඩියෝව පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...