නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි

මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා. ගාල්තැන්න දේවාලය මාධ්‍යය මගින් විශාල සහයක් ලබාදෙන්නේ ස්වර්ණවාහිනිය වන අතර එය ස්වර්ණමහල් හා බැදුණු ව්‍යපාරික සම්බන්ධයක් බව අප මෙයට පෙර හෙළිකර සිටියා.

මේ පිළිබඳව සවිස්තරව හෙළිකොට සිටියේ නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසිනි. ඔවුන්ගේ හෙළිදරව් කිරීම් හේතුවෙන් කෝපයට පත් දේවගැතිවරයා විසින් මිලියන 50 ක් ඉල්ලා නෙත් එෆ්. එම් වෙත වන්දි නඩුවක් පැවරු අතර නෙත් එෆ්. එම් කණ්ඩායම විසින් දෙවගතිවරයාගේ ගිලන්වූ පියාට රෝද පුටුවක් පරිත්‍යාග කරනු ලැබුවා.

නෙත් එෆ්.එම් විසින් දේවාලය තුලට විත් සිදු කරන පටිගත කිරීම් නතර කිරීම සඳහා දේවාලයේ ආරක්ෂාව තර කෙරු අතර කිසිදු පටිගත කිරීමේ යන්ත්‍රයක් දේවාලය තුලට ගෙනයාමට අවසර ලබාදුන්නේ නැහැ.


නමුත් බැලුම්ගල කණ්ඩායම විසින් ප්‍රසිද්ධියේ අභියෝගකොට මෙයට පෙර දේවාලයේ නැවත පටිගත කිරීමක් සිදුකල අතර එම හඬ පට පිලිබඳ දෙවගතිවරයාගේ ලැබුණු සැකසහිත පිළිතුර හේතුවෙන් මෙවරද නෙත් එෆ්. එම් බැලුම්ගල කණ්ඩායම විසින් ගුවන් විදුලිය ඔස්සේ ප්‍රසිද්ධියේ අභියෝග කලේ ඔවුන් නැවතත් දේවාලයට එන ලෙසයි.

මින් පෙර දේවාලය තුලට විත් සිදුකල පටිගතකිරීම දේවගැතිවරයා ප්‍රතික්ෂේප කල අන්දම
පල්ලෙහා ඉඳලා එනකොට ගිහි පැවිදි නිලතල බලතල තියෙන ඕනෑම කෙනෙක් දේවාලයට ඇතුල්වෙන්න මත්තෙන් මෙවැනි උපකරණ තියාන ඒගොල්ලෝ චෙක් කරනවා.තව උපකරණ ගොඩක් දේවාලයේ තියෙනවා.


ඒ හැම උපකරනයෙන්ම පහල ඉදන් උඩට යන මනුස්සයන්ව චෙක් වෙනවා.එතකොට ඒගොල්ලෝ කොහමද කියන්නේ දේවාලෙට ඇවිල්ල රෙකොර්ඩ් කරගත්ත කියල.එක සම්පුර්ණ අසත්‍යය කතාවක්. මිනිස්සු නොමග යවන්න තමා මේවගේ බලු ආයතන තියෙන්නේ.

පටිගත කිරීමේ උපකරණ අල්ලන දේවගැතිවරයා සතු යන්ත්‍රය

මෙවරද ඔවුන් දේවාලය තුලට ගොස් දේවගැතිවරයා මුණගැසී සාස්තර අසා ඇති අතර දෙවගතිවරයාගේ බලගතු හාස්කම් වලට ඔවුන් හදුනාගැනීමට නොහැකිවී ඇත.

මෙවර දේවාලයට ඇතුල්වූ ආකාරය වීඩියෝ කිරීමටද බැලුම්ගල සමත්වී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.



http://www.youtube.com/watch?v=HpAn76TQDfU

අද දිනයේ විකාශය වූ සම්පුර්ණ වැඩසටහන පහතින්.



-සම්බන්ධිත පුවත්-
1). අස්ගිරි හිමිගෙන් ගාල්තැන්නේ කපුවාට චරිත සහතිකයක්
2). නෙත් එෆ්. එම් බැලුම්ගල ගාල්තැන්නේ දේවාලයට ගොස් වීඩියෝ කරයි
3). ගාල්තැන්නේ හාස්කම් දැක්කාද?
4). ගාල්තැන්නේ දේවගැතිගෙන් හමුදාවටත් නියෝග
5). නෙත් එෆ්.එම්ට ශාපකොට ගාල්තැන්නේ දේවගැති පෝස්ටර් අලවයි
6). නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශේෂ පුජාවක්
7). මාර්ග නීති නැති ගාල්තන්නේ කපුවාගේ ඩිෆෙන්ඩර් රථය
8). මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නඩු
9). ගාල්තැන්නට ආවඩන ස්වර්ණවාහිනිය
10). ගංවතුර ගැලුවේ ගාල්තැන්නේ දෙවියන් කෝප වීම නිසාලු

Related Posts Plugin for WordPress, Blogger...