S.B ට කඩේ යාමට පැමිණි ආචාර්යවරු ඇනගනී

දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංසදය ලෙස හදිසියේ සංසදයක් අටවාගත් එස්.බී දිසානායකට කඩේ යන ආචාර්යවරුන් කිහිප දෙනෙක් විසින් කොළඹ සව්සිරිපායේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා තිබුනා.

රට පුරා ආචාර්යවරුන් විසින් මාස 3ක් තිස්සේ ගෙනයන සටන "විදේශ බලවේග වල කුමන්ත්‍රණයක්" ලෙස හුවාදක්වමින් එය දියකර හැරීම සඳහා ඔවුන් පැමිණියද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නකිරීම් හමුවේ තමන් නියෝජනය කළ සංසදය පිළිබඳවත් නොදැන කෝප වී ඔවුන් මාධ්‍යවේදීන්ට බැන වැදී තිබුණා.


එහිදී එහි කැඳවුම්කරු ෆීලික්ස් නෙම්සිරි ජයතිලක පැවසුවේ

"මේ අරගලය වැරදි වහන්තරාවක් ඉස්සරහට දාගන කරන අරගලයක්. අනික මේකේ නරක දෙයක් තියනවා මේක පිටිපස්සේ. මේකේ තියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මම බය නැතුව කියනවා ඒක."

ඔවුන්ගේ පිටුපස "දේශප්‍රේමී විශ්‍යවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංසදය" ලෙස විශාල බැනරයක් ද තිබූ අතර මෙම මාධ්‍ය සාකච්ජාවට පැමිණි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමක් කළා.

"දේශප්‍රේමී හා දේශද්‍රෝහී විශ්වවිද්‍යාල කියලා දෙකක් මේ රටේ තියනවද?"

"කවුද කිව්වේ? දේශප්‍රේමී විශ්වවිද්‍යාල ගැන කතා කලේ කවුද?"

"බෝඩ් එකේ ගහලා තියනවනේ."

එවිට එහිදී කාලගෝට්ටියක් ඇතිවූ අතර එස්.බී දිසානායකට කඩේ යාමට පැමිණි ආචාර්යවරයා තමන් නියෝජනය කළ සංසධය පිළිබඳවත් නොදැන සිටි අතර කෝප වී ඔහු මාධ්‍යවේදීන්ට බැන වැදුනේ

"තමුන්නාන්සේ ලියන්නේ නැතුව ඉන්නවා නම් ලියන්නේ නැතුව ඉන්න" ලෙසයි.

එම වීඩියෝව පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...