ඉඳිකටු හිසෙහි ගසාගෙන ලෝක වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකිකයා
Saturday, September 8, 2012
සිවනායගම් 2011 වසරේ දෙසැම්බර් 3 වැනිදා ඉඳිකටු 2025 ක් හිසෙහි රඳවාගෙන, ඊට පෙර වෙයි ෂෙන්ග්චූ නමැති චීන ජාතිකයා විසින් ඉඳිකටු 2009 ක් හිසෙහි රඳවා ගනිමින් පිහිටුවා තිබු ලෝක වාර්තාව බිඳ හෙළීය.
වාර්තා පිහිටුවීමෙහි ඉහල රුචිකත්වයක් දක්වන ඔහු , පසුගිය ඉරිදා උදෑසන 2.00 ට ඉඳිකටු 2100 ක් සමග නව ලෝක වාර්තාවට මුල පිරීය.
එහිදී ඉඳිකටු නොගැලවෙන ලෙස සෙන්ටිමීටර් 1.5 ක් පමණ හිස තුලට ඒවා ගිල්වා තැබුණු අතර , ඒ කාර්යය අතරතුර යෝගී භාවනාවක යෙදීමට ඔහු කටයුතු කර තිබිණි.

ලෝකයේ බොහෝ පිරිසක් පිළිකා රෝගයෙන් මේ වනවිට පෙලෙන නිසා ඔවුන්ට දැනෙන වේදනාව අන් අයටද ඒත්තු ගැන්වීම තමාගේ මෙම ව්‍යායාමයේ අරමුණක් බවද හෙතෙම පැහැදිලි කළේය.
එමෙන්ම කටු චිකිත්සාවේදී යොදා ගන්නා ඉඳිකටු වේදනාවෙන් තොර බව ලෝකයාට දැන්වීමත් සිය කර්තව්‍ය යේ අරමුණ බව සිවනායගම් පවසා සිටියේය.
මොහොන්දාස් සිවනායගම් ඉඳිකටු 2100 ක් සමග නව ලෝක වාර්තාවක් පිහිටුවූ අයුරු පහතින්.

ඔහු විසින් මීට පෙර ලෝක වාර්තාව පිහිටවූ වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
හිසකෙස් වලින් විනාඩි 23ක් එල්ලී ලාංකිකයෙකුගෙන් ලෝක වාර්තාවක්
