වැන්දඹුවක් කෙලෙසුවාට රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් !
Monday, September 17, 2012
නමුත් පසුව ඔහු නීතිඥයෙකු මගින් දන්වා සිටියේ චිවරය හැරීමට තමා එකඟ බවයි. ඒ අනුව "රුවන්වැල්ලේ සෝභිත" චිවරය අතහැර "සුනිල් ශාන්ත" ලෙස පෙනී සිටිය අතර ඔහු නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා සුපුරුදු ස්ථානයේම කළේය.
එයට සුපුරුදු පරිදි මාධ්‍යය අනුග්‍රහය ලබාදීමට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ "ස්වර්ණවාහිනී" මාධ්‍යය ආයතනයයි.
අංක එකේ පල්හොරෙක් වූ අංකොක්කාවල සුනිල් චීවරයක් පොරවාගෙන භික්ෂුවේශයෙන් සෝභිත වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටියේ එය ඔහුගේ වංචා වලට මනා පිටුවහලක් වන බැවිනි.රුවන්වැල්ලේ සෝභිත හිමිගේ සැබෑ තත්වය මුළු රටටම අනාවරණය වුයේ පසුගිය කාලයේ විකාශය කල නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන හරහාය.
දාඹුර හේවගේ සුනිල් ශාන්තනමින් අන්කොක්කාවල ගමෙන් හොරකම දුෂණය පටන් ගත් හැටි හා "කවියා" නමින් පෙනී සිට කවි මඩුවක් සංවිධානය කොට එයින් මුදල් ගරා, ගමෙන් පැනවිත් සිවුර පොරවාගැනීමේ සොභිතගේ ඉතිහාසයද අප විසින් හෙළිදරව් කරන ලදී.

කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් සෝභිත රිමාන්ඩ් කරන ලෙස නියෝග කල අතර එම වැන්දඹුව දුෂණය කිරීම සඳහා සෝභිතට සහය වූ ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා යන තරුණියගේ මාමාද හා නැන්දා ද රිමාන්ඩ් කොට ඇත.
මෙයට පෙර කහසිවුරෙන් තමාගේ දුෂණ වංචා වසාගෙන සිටියත් සෝභිත පසුගියදා උසාවියට එනවිට ඔහුට එයත් අහිමිව සාමන්‍යය පරිදි පැමිණීමට සිදුව තිබුනේ නෙත් එෆ්.එම් බැලුම්ගල ඔස්සේ සිදු කරන ලද හෙලිදරව්කිරීමෙන් අනතුරුව ඔහුට චීවරයෙන් ඉවත් වීමට සිදුවූ නිසාය.
-සම්බන්ධිත පුවත්-
රුවන්වැල්ලේ සෝභිතගේ රෙදි ගැලවේ
රුවන්වැල්ලේ සෝභිත ගැන දමිතාගේ අත්දැකීම
රුවන්වැල්ලේ සෝභිතගේ යටගිය අතීතය
රුවන්වැල්ලේ සෝභිත නැවතත් ස්වර්ණවාහිනියෙන් මතුවෙයි
නෙත් එෆ්.එම් වසා දැමිය යුතුයි - හඩ්සන් සමරසිංහ
රුවන්වැල්ලේ සෝභිත චීවරය අත් හරින බවට දිවුරුම් දෙයි
