සංගා හා මහේල සමග රාත්‍රී කෑමකට වරම්!
Tuesday, September 25, 2012
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම රාත්‍රී ආහාරවේල ලබාගැනීම සිදු කරන්නේ මහේල හා සංගක්කාරට හිමිකාරත්වය ඇති "මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්" අවන්හලේ වීමයි. මෙම අවන්හලේ මහේල හා සංගක්කාර සමග රාත්‍රී ආහාරවේල ගැනීමෙන් පසුව ජායාරූප ලබාගැනීමටත් සමරු සටහන් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
තවද, එයට සමගාමිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සමග "වික්ටෝරියා ගොල්ෆ්" හි ගොල්ෆ් සෙල්ලම් කිරීමටත් දඟපන්දු යවන ආකාරය පිලිබඳ පුහුණු සසියකටත් සහභාගී වීමේ අවස්ථාවක් සංවිධානයකොට ඇත.
විස්සයි විස්ස ලෝක කුසලානයට සමගාමිව මෙය සංවිධානය කර ඇති අතර ඔක්තෝබර් මස 2 වනදා පැවැත්වීමට නියමිතයි.
"Trekurious " ආයතනය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී වන පුද්ගලයන් මුදල් ගෙවා එම අවස්තාව වෙන්කරවා ගත යුතු අතර මින් එක් අවස්තාවක් සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 1950 ක් වැයවන බව වාර්තාවේ.
