අහෝ අපේ බස් සේවය!!

ආසියාවේ ආශ්චර්යය විඳ ගැන්මට මේ වසරේ ග්‍රීෂ්මයේදී මම දෙවරක්ම ශ්‍රී ලංකාවට ගියේ විය පැහැදමට කසන සල්ලි තිබෙනවාට හෙම නොවේ. අවු රශ්මියේ තැම්බි තැම්බි සිටීමට ඇති අකමැත්තටමද නොවේ.

උපන් දා පටන් මා හදා වඩා ගත් දෙමාපියන් හැකි ඉක්මනින්න්ම මා පිණිස වූ වගකීමෙන් නිදහස් කිරීමේ ලෙහෙසිම ක්‍රමය උසස් අධ්‍යාපනයෙන් පසු විදෙස් ගත වීම බව මා තුල කිඳා බැස ගැන්ම මා මෙයට පෙළඹවූවායයි මම අදටත් විශ්වාස කරමි.


එසේ මෙහි සිටින්නාවූ මගෙන් අතපසුවන දේ කිරීමට ඉඳ හිට හෝ ලංකාවට යාමට මට සිදුවේ.

නමුත් මගේ ලිපියේ අරමුණ වෙන දෙයකි . 70, 80 දසක දෙක තුල ශ්‍රී ලංකාවේ දුගී දුප්පත් අපට පිහිට වූ ලංගමය එකල අප කාගේත් විශ්වාසය දිනා සිටියකි. තරමක් තද බදයෙන් උවද කලට වෙලාවට ගමන සැපයීමට ඔවුන් බෙහෙවින්ම උත්සුක වූ අවස්ථා මාගේ දෙඇසින් මා දැක ඇත.

මගින් ඇතා හෝ නැතා රාත්‍රී අවසන් බසය 23 පැයේදී මීගමුවෙන් පන්නල බලා පිටත් වන බව දන්නා අප රාත්‍රී 7 පසු වන තුරුත් මොරටුවේ සිටි අයුරු මට තවමත් සිහියට නැගේ, සාමාන්‍ය බස් සේවය, අර්ධ සීග්‍රගාමි (සීමිත නැවතුම්) සේවය හා සීග්‍රගාමි සේවය අපේ අවශ්‍යතාවය අනුව තෝරා ගැන්මේ වාසනාව අපට එදා කදිමට තිබිණි.

සීමිත නැවතුම මගින් පැයක් යාමට ප්‍රථම පිටකොටුවේ සිට මීගමුවට නොඑන බස් රියදුරන් අප හැදින්වුයේ කොට කොට යන්නන් ලෙසය. නමුත් අද.....???

සැප්තැම්බර 14 වන සිකුරාදා කොළඹින් 4.00ට පැමිණි මම පන්නලට රාත්‍රී 8 පැමිණි බව කිවහොත් ආස්චර්යයේ හිඳිනා ඔබ පුදුම නොවුනත් මගේ වයසේ සිටින්නවුන් හිසේ අත් ගසා ගන්නවා නොඅනුමානය.

කුලියාපිටියෙන් හවස 6 ට කටුපොත යන බසය ගැන්මට අපේක්ෂිත ව සිටි මම මම පන්නල සිට රුපියල් 800 දී වෙන වාහනයක කුලියා පිටියට පියඹා ගියේ 8.30 ට කුලියාපිටියෙන් ගමන් ගන්නා ලංගම බසය ගැන තිබෙන්නාවූ බලවත් විශ්වාසය නිසාමය.

නමුත් මගේ දෙඇස් මම විස්වාස නොකළේ දහවල් ආහාරයෙන් පසු මහරගමින් පැමිණි මගේ ඥාතියෙක් එම බසයේම යාමට සිටි නිසයි. එයට හේතුවනම් හවස 6 න් පසු ගමන් කරන ඊ ළඟ බසට රාත්‍රී 8.30 වීමයි.

ඉඳ හිට ලංකාවේ ගමන් බිමන් යන මම, කිසිම හාවක් හුවක් නැතිව අද බස් යන අතේ දුවන අප මගින් ගැන පුදුම වූවෙමි. ආස්චර්යට ඔවුන් වසඟ වෙලා වත් ඇතිදැයි මම පුදුම වූවෙමි.

14 වන දින සිදුවීම එසේ විය. 15 දින උදේ මම මගේ පුත්‍රයාද සමග නැවත මාකඳුරට පැමිණීමට කුලියාපිටියට පැමිණියෙමි. කුලියාපිටියෙන් පන්නල යන බසයක් තිබුනද තනිබසයේ වාඩිවී යාමට කැමති මගේ පුතා කඹුරුගොඩ හරහා මාකඳුර බසයක් ඇති බව පවසා මාවද එයට කැඳවා ගත්තේය.

උදේ 8.45 ට පමණ එහි ගොඩවූ අපට තව විනාඩි 15 න් පමණ බසය පිටත් වන බව අසා ප්‍රීතියට පත් වූවෙමු. අභිනවයෙන් කාෆට් ඇතිරූ ඒ මාර්ගයේ ගමන් කිරීමටද මගේ සිහින් ආසාවක් තිබු බව පසුව මටද පසක් වුනි.

අහෝ ඛේදයකි! ආශ්චර්යයමත් බසය ගමන් ගන්නා වේගය? මම බසයේ දෝසයක් ඇතිදැයි අසු කල කොන්දොස්තර තැන මෙය අනගි බසයක් යයි පෙරලා පැවසුවේය. පෙරදින මගින් එනතෙක් මග නවතා සිටි බසය මෙන් සෙනග එකතු විට මෙය හොඳින් ගමන් කරාවියැයි මම සිත හදා ගතිමි.

බසය නුගවෙල ලඟින් කඹුරුගොඩ පාරට හරවන විට එතන සිටි මගින් නිසා දැන් බසය පිරි ඇත. නමුත් බසයේ වේගය එසේමය ඉඳහිට සයිකල් කරුවෙකුද අප පසුකර යයි. කෙසේ හෝ අප රියදුරාට අතපසු වූ කිසිම පල්ලමක් නැත.

සියලුම පල්ලම් වල නියුට්‍රල් කර වේගය බින්දුවට ආසන්න වනතෙක් ඔහේ ගමන් කිරීමට හරි. කෙසේ හෝ ගමනින් හරි අඩක් පමණ වන වදුමුන්නේගෙදරට එනවිට වෙලාව හරියටම 10.50 වී තිබිණ. පැය දෙකකට කිට්ටු කාලයකදී මහල්ලෙකුට හෝ බයිසිකලයක ඒ දුර බොහෝ ලේසියෙන් ආ හැක.

නමුත් ආශ්චර්ය එය නොවේ. වඩුමුන්නේගෙදර සිට ඔහු මාකඳුරට පැමිණි ආකාරයයි. මන්ද ඔහු තවත් පමා වුවහොත් ඊ ළඟ බසයද ඔහුව පසු කිරීමට ඉඩ කඩ ඇති බව ඔහු දන්නා බැවින්.

මෙතෙක් වෙලා හෝන් එක ශබ්ද නොකළ මොහු දැන් ධාවනය කරන්නේ හෝන් එකෙන් මෙනි. මග දෙපස ගමන් ගන්නා බයිසිකල් පාගමනින් යනම මගින් කාණුවට බැස මොහුට ඉඩ දෙයි.

මට මා ගැනම සිහින් දුකක් හට ගැනුනි. මා උදව් කරන්නාවූ රජය ගැන දුකක් හට ගැනුනි. රටකට අත්‍යාවශ්‍ය මහාමාර්ග පද්ධතිය සකසා දෙන්නේ මෙවන් ගසාකන්නවුන් හට ජිවිත බිලි ගන්න ඉඩ හරින්නද යන ප්‍රශ්නය මගෙන්ම මම අසා ගත්තෙමි.

මහා මාර්ග පද්ධතිය ඉතා අගනේය, අවශ්‍ය තරම් බස් මහා මගය, නමුත් කිසිම පාලනයකින් තොරව වාසි වෙලාවට පමණක් බස් දුවන්නට හැර බලධාරීන් බලා සිටින්නේ ඇයි? ඔවුන් ජරාවට යටවිද? ලංගමය පාඩු වන්නේ මේ නිසා නොවේද?

රටේ බලධාරීන් හට මම යමක් මතක් කරදෙමි. ආශ්චර්ය මැවුවාට පලක් නැත, මහා මාර්ග ඉදි කලාට පලක් නැත, එය මහජනයාට බුක්තිවිඳීමට සැලසීමේ මහා බාරදුර්ය කාර්යට ඔබ තවම අත ගසා නැත.

යමෙකුට අවශ්‍යනම් මාහට කුපිත වීමට සැලසු බසයේ ජායාරුපයක් මවිසින් මෙහි පල කරමි. මෙය බලන්නාවූ එක්කෙනෙකු හෝ මේ පැමිණිල්ල ගැන උනන්දු වී දිනපතා මහමග යන දුප්පතුන්ගේ අයිතිය දිනා දීමය කුමක් හෝ කිරීමට උනන්දු වන්නේනම් එයට මගේ ද සම්පුර්ණ සහයෝගය දෙමි.
බුදු සරණයි!

ගාමිණි




Related Posts Plugin for WordPress, Blogger...