මාධ්‍යයට වසන් වූ බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම
Thursday, September 27, 2012
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධාන පරිගණක නිලධාරියාය.
ඔහු පසුගිය 20 වනදා රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකින් චොක්ලට් එක මිලදී ගෙන තිබේ.
නිවසේ දී දරුවන්ට ද බෙදා ඔහුද ඉන් කොටසක් අනුභව කැර ඇත. එහි තිබූ බ්ලේඩ් තලය කැඩී ඉන් කොටසක් ගිලුන අතර ඉතිරි කොටස දත්වල රැඳී තිබේ. අනතුරුව ඔහු දැඩි වේදනාවට පත් කරමින් බ්ලේඩ් තලයේ කොටස් සිරුර පුරා ගමන් කර තිබේ.
ඔහුගේ මුඛය, උගුර, ඇතුළු ශරීර අභ්‍යන්තරයේ කැපීම් තුවාල රැසක් සිදුවී ඇති අතර ඉන් අනතුරුව කොළඹ මහ රෝහලේ 22 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු විශේෂ ශල්‍යකර්මයකට ද ලක්කර තිබේ. ඊයේ පස්වරු වන තෙක්ම එම බ්ලේඩ් තල කොටස සිරුරෙන් ඉවත් කිරීමට නොහැකිව තිබුණු අතර ඊයේ රාත්‍රිය වන විට එම බ්ලේඩ් කැබැල්ල එලියට ගත බව නවතම තොරතුරු වලින් වාර්තා වෙයි.
බ්ලේඩ් චොක්ලට් නිෂ්පාදක සමාගම කව්ද?
සාමන්‍යයෙන් ලංකාවේ ඇති සිරිත වන්නේ මෙවන් සිදුවීමකදී වැරදිකාර සමාගම මාධ්‍යයෙන් වසන් කිරීමයි. පැණි බිම පානය කොට මිය ගියත් එම පානය කල පැණි බිම වර්ගය අනෙකුත් පාරිභෝගිකයන්ට දැනගැනීමට හැකිවන්නේ නැත.
හරිනම් සිදු විය යුත්තේ එම දෝෂ සහිත සමාගම පිලිබඳ ජනතාව දැනුවත් කිරීමයි.ඒ අනුව කල සොයා බැලීමකදී අප වෙත වාර්තා වුයේ බ්ලේඩ් තලය තිබේ ඇත්තේ එඩ්නා චොක්ලට් එකක් තුල බවය.
මාධ්‍යය තුලින් සමාගමේ නම සඳහන් නොකළ නිසා බොහෝ සමාගම් සිලෝන් චොක්ලට් සමාගමේ කැන්ඩොස් චොක්ලට් මෙම සිදුවීමට ඇඳීමට උත්සහ කල තර එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සමාගමේ සම්බන්ධයක් මෙයට නොමැති බවයි.
ඒ අනුව එඩ්නා සමාගමට පාරිභෝගික අධිකාරිය විසින් සිල් තබා ඇති බව වාර්තා වේ.
-සම්බන්ධිත පුවත්-
කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ
