තවත් විදෙස් කතක් හික්කඩුවේදී දූෂණය කරයි
Thursday, September 20, 2012
ඇය හික්‌කඩුව බේරතුඩුව ප්‍රදේශයේ අක්‌කර පහක ඉඩමක් මිලටගෙන නිවසක් තනා පදිංචිව සිට ඇති අතර දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපියල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට හසුවී තිබෙන අතර අනෙක් තැනැත්තා සොයා හික්කඩුව පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.
පසුගිය අගෝස්තු මාසයේද කොළඹ බදුල්ල අතර ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේදී ප්‍රංශ ජාතික කාන්තාවක් අතවරයට ලක්වූ අතර ඊට පෙර 2011 ඔක්තෝබර් සිට 2012 පෙබරවාරි දක්වා ගතවූ මාස 5ක කාලය තුළ මසකට එක්කෙනා බැගින් විදේශීය කාන්තාවන් ලංකාවේදී අතවරයට ලක්වී තිබුණා.
-සම්බන්ධිත පුවත්-
තවත් විදෙස් කතක් දුම්රියේදී අතවරයට
මසකට එක බැගින් විදේශීය කතුන් දූෂණයට
