අජන්ත මෙන්ඩිස්ගේ ලෝක වාර්තාව

ඊයේ (19) දිනයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවිය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.ඒ අනුව 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ලකුණු 82 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විනි.

මෙහිදී විශේෂත්වය වුයේ අජන්ත මෙන්ඩිස් ගේ පන්දු යැවීම වන අතර, ලකුණු 8 ට කඩුලු 6 ක් දවා ගනිමින් 20/20 තරගාවලියක හොඳම පන්දු යැවීමට හිමිකම් කීමට අජන්ත මෙන්ඩිස් සමත්විය. 


අජන්ත මෙන්ඩිස් ගේ වාර්තාවේ වීඩියෝව බලන්න පහතින් 


Related Posts Plugin for WordPress, Blogger...