ධාතු වන්දනා කරද්දී මාලක අල්ලන බැහැ - කෙහෙළිය
Friday, September 14, 2012
එවිට එම ප්‍රශ්ණය විහිළුවකට ගෙන උපහාසයෙන් මෙන් සිනාසුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ,
"ඕකට ඉතින් තැනත් බලපානවනේ. ධාතු වන්දනය කරද්දී අල්ලන එක ධාතූන් වහන්සේටත් කරන අගෞරවයක්නේ" යනුවෙනි.
කෙහෙලියගේ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.
මේ අතර බොදු බල සේනා සංවිධානයද පොලීසිය විසින් රඟදක්වන මෙම නාටකය පිළිබඳ අදහස් දක්වා තිබුණා.
"මුළු ජාතියම මර බියෙන් ඉන්දැද්දී මේ ජාතියට සන්තෝසෙන් හිනාවෙන්න ඉඩ හදපු අපේ විරෝධාර රණවිරුවන්ව මේ නිකන් සිකන්ල්ලු අතින් ගුටි කනවා. අපේ විසි තිස් දාහක් පොලවට පස් උනේ සුව නින්දක් දෙන්න. බය නැතුව පාරේ ඇවිදින්න. එතකොට මේ ඇමති බුරුව මොකද කරන්නේ? අපි පොලිසියෙන් අහන්නේ පොලිසිය බම්බු ගැහුවද?
මොකද්ද කලේ? පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොල්සියට ගෙනල්ල බාර දුන්නම පොලිසියට නීතියක් නෑ මේකා අත්අඩංගුවට ගන්න. මේකේ මර්වින් සිල්වාගේ වෙනම රාජ්‍යක් තියෙනවා එහෙනම්. එතකොට මේකද නිතිය කියන්නේ? හෙට අනිද්දට කොල්ලුපිටියේ කාන්තාවක් යනකොට මාලක සිල්වලට පුළුවන් ඇදල ගන්න..මොකද උන්ගේ ආණ්ඩුවනේ මේ."

"ඇමතිතුමාගේ පුතා අපි පොඩි කාලේ ඉඳන් අඳුරනවා. මේකේ දෙපැත්තක් තියනවා. මොකක් හරි වැරැද්දක් කරලා තියනවා නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වැරදිකරුවන් අත් අඩංගුවට ගතයුතුයි.
වැරදිකරුවන්ට හා වැරැද්ද වෙච්ච කට්ටියට නීතිය විසින් සාධාරණය ඉශ්ඨ කළ යුතුයි. පොලීසිය තමගේ රාජකාරිය ඉෂ්ඨ කරලා තියනවාද කියන එක සැකයක්."
මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ මෙලෙසින්
"දැන් ඒ ගුටි කාපු යුධ හමුදා මේජර් වරයාට විරුද්ධව යුධ හමුදාව ඇතුලත පරීක්ෂණයක් පවත්වනවා. අන්තිමට වෙන්නේ දාමරිකයා නිදහස් වෙනවා ඒ පහරදීමට ලක්වුණු නිලධරියාට දඬුවම් ලැබෙනවා."
එම වීඩියෝ පහතින්.
-සම්බන්ධිත පුවත්-
මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි
මාලක සිල්වා යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදෙයි
