ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී
Friday, September 14, 2012
කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.
ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි යන ලිපිය මීට මාස 2කට පෙර අප අවසන් කලේ "ලංකාවේ පවතින දේශපාලනයේ සැබෑ ස්වරුපය මින් හෙළිවී ඇති අතර හෙට දිනයේ සාරුව සුනිල් නැවත දේශපාලනයට පැමිණියහොත් අප පුදුමයට පත්විය යුතු නැත." යනුවෙනි. එය අද සැබෑවී ඇත.
එපමනක්ද නොව තංගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කිරීමත් ඔහුගේ බිරිඳ දූෂණය කිරීමටත් බන්ධනාගාරගතවූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප ට හදිසියේම එම අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව සභාපතිධූරයත් නැවත ලබාදීමට රජය විසින් තීරණය කර තිබෙන බව මීට පෙර අප ඔබට හෙළි කළා. එම ලිපිය මෙතනින්.
ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අමත්‍යතුමා විසින් චෝදනාවලට ලක් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක‍්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුණා.
එම පුවත රජයේ නිල වෙබ් අඩවියේ දැක්වුනේ මෙලෙසින්.
එලෙස ඉවත් කල 4 දෙනාගෙන් දෙදෙනෙකුම මේ වනවිට සභාපති වරම් හිමිව තිබීම කාගේත් හාස්‍යයට කරුණක්.
ස්ත්‍රී දූෂණ ගනනාවකට චෝදනා ලැබූ සාරුවා සුනිල් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ සහයට එක් රැස්වූ අකුරැස්සේ ජනතාව මීට පෙර උද්ඝෝෂණය කල වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි
සුනිල්ගේ ඥාතීන් අකුරැස්සේ පත්තර සේරම අරන්
දැරිය දූෂණය කල අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට
දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටුවක්
අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපතිගේ කතාව
