මයික්‍රෝ මැක්ස් ලංකාවෙන් ගියාද?
Thursday, September 6, 2012
එයින් වඩාත් ලංකාවේ ජනප්‍රියත්වයට පත්ව තිබුනේ මයික්‍රෝමැක්ස් ඩුවල් සිම් කාඩ් ජංගම දුරකථනයි.
කෙසේ නමුත් පසුගියදා මයික්‍රෝමැක්ස් දුරකතන ගෙන්වා බෙදා හැරි ඉන්ෆිනිටි ලංකා හෝල්ඩින්ග්ස් සමාගම එම කටයුත්තෙන් ඉවත්වී ඇති අතර ඔවුන් සිය සමාගමේ නාමය මැක්ස් දුරකථන ලෙසින් වෙනස් කොට ඇත.
මයික්‍රෝමැක්ස් දුරකථන වල මෙහෙයුම් කටයුතු නැවැත්වීමෙන් අනතුරුව Zigo ජංගම දුරකථන ගෙන්වීම හා බෙදාහැරිම සිදු කරනු ලබන්නේ මෙම මැක්ස් දුරකථන සමාගම විසිනි.
කෙසේ නමුත් ලෝකයේ 12 වන විශාලතම දුරකථන සමාගම වන මයික්‍රෝමැක්ස් ජංගම දුරකථන ලංකාවේ ජාතික බෙදාහැරීමේ නියෝජිත ආයතනය ලෙස මෙට්‍රොපොලිටන් ටෙලිකොම් (Metropolitan Telecom) ආයතනය සමඟ එක්වී පාරිභෝගිකයන් හට නැවත ගෙන්වා හා බෙදාහැරිමට ඉදිරිපත්වී තිබෙනවා.
