චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ

පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිතය.

C/2012 S1 ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගන තිබෙන්නේ පසුගිය සඳුදාය.

අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් සොයාගනු ලැබූ එය දිවාකාලයේ පවා දර්ශනය වන අතර උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.


ලබන වසරේ ග්‍රීෂ්ම සෘතුව පහව යනවාත් සමඟ මෙය දර්ශනය වීම ආරම්භ වන අතර එහි උපරිමය ලබන නොවැම්බර් මාසයේ උදාවේ. අනතුරුව 2014 ජනවාරි මාසයේ මැද දක්වාම එය පියවි ඇසින් දර්ශන වී නොපෙනී යනු ඇත.

මුලින්ම එය පෘතුවියට දර්ශනය වන අවස්ථාව වනවිට එය පෘතුවියට කිලෝමීටර් බිලියනයක දුරකින් පවතින අතර සූර්යයාගේ සිට එයට ඇති දුර කිලෝමීටර් මිලියන 934කි.

ඔක්තෝබර් 16වනදා එය අඟහරු පසුකර යන එය සූර්යයාට වඩාත් ලං වන්නේ නොවැම්බර් 28 වනදාය. ඒ වනවිට වල්ගතරුවත් සූර්යයාත් අතර දුර වන්නේ කිලෝමීටර් මිලියන 1.2කි.

එම වල්ගාතරුවේ ඇති ග්‍රාහක වලාව දැඩි සිසිල් අයිස් තත්වයේ පවතින අතර එය සූර්යාට ලංවත්ම ඒවා ගිණි ගනිමින් වායු තත්වයට පත්වන නිසා එහි දීප්තිය වැඩි වන අතර සූර්යයාගේ දීප්තිය 26ක් නම් මෙම වල්ගාතරුවේ තීප්තිය 16ක් වන බවත් පැවසෙනවා.

2013 
ඔක්තෝබර් 2 වනදා වල්ගාතරුවේ ගමන් මඟත්, ඒ වනවිට පෘතුවියේ පිහිටීමත් මෙසේය



-සම්බන්ධිත පුවත්-
බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට දිනයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි

Related Posts Plugin for WordPress, Blogger...