ස්විස් බැංකුවල දාපු බලවතුන්ගේ විස්තර සොයයි.

ස්විස්ටර්ලන්තයේ රහස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයන් කවුරුන්දැයි සොයා ගැනීමේ උත්සාහයක් දියත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයන් විසින් ස්විස් ප්‍රෑන්ක් කෝටි 4.4 ක් ( රුපියල් කෝටි 1198.5) වන මුදල් ප්‍රමාණයක් ස්විස් බැංකුවල තැන්පත් කර තිබෙන බවට මාධ්‍ය වලින් තොරතුරු වාර්තා විය.


ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ස්විස් බැංකු ගණනාවක මුදල් තැන්පත්කර තිබෙන බවට මෙයට පෙරත් තොරතුරු ලැබී තිබු අතර ඒ පිළිබඳව පැහැදිලි සත්‍ය තොරතුරු ලැබී නොතිබුණු බවද දේශීය අදායම් දෙපාර්තමේන්තු නිලධාරි
යෙක් පසුගියදා ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.

කෙසේ වෙතත් සිය ගනුදෙනුකරුවන් පිලිබඳ තොරතුරු හෙළි කිරීමට ස්විස් බැංකු සුදානම් නොමැති අතර ඒවා ලබා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කල යුතු බව එම ප්‍රකාශකයා
පවසා ඇත

මෙබඳු තොරතුරු හුවමාරුව සඳහා ලොව විවිධ රටවල් 38 ක් සමග ශ්‍රී ලංකාව ගිවිසුම් වලින් බැදී ඇති නිසා එම රටවලින් පමණක් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බවද හෙතෙම සදහන් කළේය. කෙසේ වෙතත් ස්විස් බැංකු වල මුදල් තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයන් අතර වැඩිපුරම සිටින්නේ දේශපාලඥයන් බවද වාර්තා වේ.

Related Posts Plugin for WordPress, Blogger...