ලංකාවේ වයස්ගතම එළියස් අප්පුහාමි දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා බවට විශ්වාස කරන කැළණිය,කෝපියාවත්ත ප්‍ර‍දේශයේ පදිංචිව සිටි එලියස් අප්පුහාමි මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. 

1898 පෙරවාරි 13 වැනිදා උපන් එලියස් අප්පුහාමිගේ වයස අවරුදු 114 කි.

ඒ මහතාට පරම්පරා හතරකට අයත් දරු මුණුබුරන්,මිණිබිරියන් පනහකට අධික සංඛ්‍යාවක් සිටින අතර පරම්පරා නෑකමට අනුව ඔහු මුත්තාගෙන් පසුව එන 'නත්තා' වේ.

මියයන තුරු හොද ශරීර සෞඛයෙන් හා මානසික සුවයෙන් පසු වූ එළියස් අප්පුහාමි දීර්ඝ කාලයක් ජීවත් වීමට ‍හේතු වී ඇත්තේ මස් මාංශවලින් තොර ආහාර අනුභව කිරීම බව මියගිය අයගේ ඥාතීන් පවසති.

Related Posts Plugin for WordPress, Blogger...