ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ 'ජීවක' වෛද්‍ය ඩේවිඩ් යංග් ලංකාවට

ජානමය වශයෙන් ශ්‍රී ලාංකිකයන් සන්ධි වල ලිහිල් බවක් තියෙනවා
මේ ලෝකේ මම වෙන්න කැමති පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ තමයි කුමාර් සංගක්කාර

ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් යන්ග් විකලාංග ශල්‍ය වෛද්‍ය වරයෙකු වන අතර වසර 17 ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රතිකාර කොට ඇත. ඔහුගේ රෝගීන් අතර අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර, මාවන් අතපත්තු, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් ,සනත් ජයසුරිය හා ලසිත් මාලිංග යන අය වෙති. එසේම ඩේවිඩ් යන්ග් මහතා මෙල්බන් නුවර සිය පෞද්ගලිද ප්‍රතිකාර කටයුතුවලදී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ටද ප්‍රතිකාර කරමින් සිටියි.

"මට නම් නිතරම වැදගත් වන්නේ ක්‍රීඩකයන්.කිසියම් කණ්ඩායමක් හොදින් ක්‍රීඩා කරනවා නම් මම ඔවුන්ට සුබ පතනවා. එත් ක්‍රීඩාවේදී වඩාත් වැදගත් වෙන්නේ සියලු දෙනාම මනා නිරෝගී තත්වයෙන් සිටීමයි".
වෛද්‍යරයා කියා සිටියේය. 
"එකම රටක් ම විතරක් නිතරම දිනනවා නම් එකේ කිසිම විනෝදයක් නෑ. මම කැමති පහල මට්ටමේ ඉන්න අය ඉහලට ගන්න".

වෛද්‍ය යන්ග් සැබවින්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග සිදු කරන අභියෝගාත්මක කටයුතු වලින් ආස්වාදයක් ලබන බව පෙනේ. එසේම ක්‍රීඩා පිලිබඳ ඔහුගේ උනන්දුව හුදෙක් ක්‍රිකට් වලින් ඔබ්බට ගිය එකකි. ඔහු රුසියන් ජාතික ටෙනිස් ක්‍රීඩකයන්ටත්, කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් ප්‍රතිකාර කරනවා අතර විවිධ පාපන්දු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කරමින් සිටී. තවද නෙට්බෝල් හා ක්‍රීඩා පිලිබඳ ඕස්ට්‍රේලියානු හා වික්ටෝරියා ආයතන වල උපදේශක විකලාංග ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.


"එදිනෙදා ජීවිතයේ සිදු වූ සාමාන්‍ය ආබාධයකට ප්‍රතිකාර කරනවාට වඩා අමාරුයි ක්‍රීඩා වලදී සිදු වූ ආබාධයකට ප්‍රතිකාර කරන එක". සියුම් ආබාධයක් හෝ සහිතව ක්‍රීඩකයෙකු පිටියට යැවීමට නොහැකි බව පැහැදිලි කරමින් ඔහු පවසා සිටියි.සියුම් ආබාධයකින් පවා රහිතව සියලුම ආකාරයේ පුනරුත්තාපන සිදුකිරීම ඉතාම වැදගත් බවත් ,එමගින් ක්‍රීඩකය විශිෂ්ට ක්‍රීඩකයෙකු සේ නැවත පිටියට යැවීම සිදුකල හැකි බවත් ඔහුගේ අදහසයි. 


අස්ථි බිදීමක දී අදාළ අස්ථි නැවත සකස් කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ හා සම්බන්ධ මාංශපේශි නැවත යථා තත්වයට ගැනීම අත්‍යාවශ්‍ය බවත් වෛද්‍ය යන්ග් මහතා පවසයි.
සිය රෝගීන්ට ප්රෙතිකාර කිරීමෙන් තමාට ලැබෙන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔහු මනාව දැනුවත්ව සිටියි."වඩාත්ම වැදගත් වන්නේ වෘත්තීමය බව" ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුමාර් සංගක්කාර මෙයට මනා උදාහරණයක් ලෙස ඔහු දක්වයි. සිය නීති උපාධිය අතරමග නවත්වා එක්‌ ආබාධයකින් සම්පුර්ණයෙන්ම විනාශ වී යා හැකි ක්‍රිකට් වැනි ක්‍රීඩාවකට යොමු වීම ක්‍රීඩකයෙකුට විශාල කැප කිරීමක් බව වෛද්‍ය යන්ග් මහතා පෙන්වා දෙයි. 


"නීතිය වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගැනීම ඇත්තටම සූදුවක් වගේ කටයුත්තක්. අන්න ඒ නිසා තමයි ක්‍රීඩකයන්ගේ ආබාධ සුව කිරීම ගැන මට විශාල වගකීමක් පැවරෙන්නේ. මොකද ක්‍රිකට් කියන්නේ ඔවුන්ගේ ජීවිත වගේම ඔවුන්ගේ වෘත්තිය". වෛද්‍ය යන්ග් මහතා පවසා සිටියි. "ක්‍රීඩකයන්ගේ හැකියාවන් උපරිම තලයකට ගෙන ඒම යන අභියෝගයට මම හරිම ආසයි". ඔහු තව දුරටත් පවසා සිටියේය. 



ආබාධ සහිතව වුවත් ක්‍රීඩාව කෙරෙහි ඔවුන්ගේ ඇති කැපවීමට තමා ගෞරව කරන බවත් ,එහෙත් ඔවුන් එසේ කිරීම නිසා තමාගේ කටයුත්ත තවදුරටත් දුෂ්කර වන බවත් ඔහු පවසා සිටියේය. ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ ගණනකට ප්‍රතිකාර සපයන වෛද්‍ය යන්ග් මහතා , ශාරීරික තත්වය නිසා තරගයට ඇතිවිය හැකි බලපෑම ගැන මනා අවබෝධයකින් සිටියි. තරගයක් අතරතුර සිරුරේ ඇති අවයව වලින් ඕනෑම එකක් ආබාධයට ලක් විය හැකි බව ඔහු පවසයි.

"ජානමය වශයෙන් ශ්‍රී ලාංකිකයන් සන්ධි වල ලිහිල් බවක් තියෙනවා. ඒ කියන්නේ දණහිස ,වලලුකර,උරහිස ,මැණික්කටුව වගේ සන්ධි එතරම් තදින් සවි වී නැහැ.සමහර ක්‍රීඩකයෝ ගත්තම ඔවුන්ගේ ආබාධ අසාමාන්‍යයි කියලත් කියන්න පුළුවන්." වෛද්‍ය යන්ග් විසින් ඉහල බලාපොරොත්තු තබා ඇති එක්‌ පන්දු යවන්නකු පදයේ අස්ථියක පිපිරීමක් සහිතව ක්‍රීඩා කරමින් සිට ඇති අතර ,ඒ බව සොයා ගත් වෛද්‍යවරයා විසින් අදාළ ක්‍රීඩකයාගේ දුරකතනයට ඒම එක්ස්රේ වාර්තාවේ පිටපතක් යවා තිබේ. ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ගාලු ක්‍රීඩාංගනයේ සිට ඔහුට දුරකථන ඇමතුම් හතරක් පමණ ලැබී තිබේ ."දැනට ලෝකේ කොහේ හිටියත් ඉතා ඉක්මනින් තොරතුරු ලබා ගන්න පුළුවන්" ඔහු පෙන්වා දුන්නේය.

සිය වෛද්‍ය විද්‍යාත්මක දැනුම ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සමග බෙදා හදා ගැනීමට යන්ග් මහතා බලාපොරොත්තු සහිතව සිටියි. ශ්‍රී ලාංකික විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් සමග එක්‌ වී ශ්‍රී ලංකාවේ ජාතික කම්පනයන් සම්බන්ධනයෙන් කටයුතු කිරීමේ පදනමක් (Young: Rooting for the underdog ) ඔහු විසින් පිහිටුවා ගෙන ඇති අතර ,ඔහු එහි සභාපතිත්වය ද දරයි.

"ඇත්තට ම මේක ජාතික කම්පන සේවාව ප්‍රයෝජනයට ගැනීමක් කියල හදුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ විකලාංග සංගමය මේ වෙනුවෙන් වසර තුනක් තිස්සේ කටයුතු කරමින් හිටියා". වෛද්‍ය යන්ග් මහතා පවසා සිටියේය. තමාට කල හැක්කේ කුමක්ද යන්න ඔහු අනාව දැන සිටියි.

"ස්වෙච්ජා සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස මම කටයුතු කරන්නේ මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් පමණක් නෙමෙයි.හදිසි සේවා පවත්වාගෙන යාම පිලිබඳ ලොවපුරා සිටින විශේෂඥයන් සම්බන්ධ කරමින් දේශන සංවිධානය කිරීමත් මම සිදු කරනවා. මෙම කටයුත් කරන්නේ ධාරිතාව ගොඩනංවන්නයි" වෛද්‍ය යන්ග් මහතාගේ ප්‍රයත්නය වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව තුල රදවා ගැනීමයි.

2005 වර්ෂයේදී මෙහි සිටි ශල්‍ය වෛද්‍යවරුන් ගණන ක් වූ බව ඔහු පවසයි . මේ වන විට මෙම ගණන 78 දක්වා වර්ධනය වී තිබේ. එහෙත් මේ හා සමානම ජනගහනයක් ඇති ඔස්ට්‍රේලියාව වැනි රටක මෙම ගණන 1300 පමණ වීම මගින් ලංකාවේ ඇති අවශ්‍යතාව පැහැදිලි වේ ."සුනාමි අවස්ථාවේ මම හදුනා ගත්තා බුද්ධි ගලනය නැවැත්විය යුතු බව . මේක කරන්න තියන එකම විදිය තමයි වෛද්‍යවරුන් සවිබල ගැන්වීම."

දේශීය ප්‍රජාව සදහා ප්‍රමාණවත් තරම් පහසුකම් පැවතියද සංචාරක කර්මාන්ත දියුණු කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් වඩාත් ගුණවත් බවින් යුතු හදිසි සේවා පහසුකම් තිබිය යුතු බව යන්ග් මහතාගේ අදහසයි. සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරමින් කරාපිටිය මඩකලපුව පමණක් නොව දිවයිනේ සෙසු ප්‍රදේශ වලද මෙම සේවා ඉහලනැංවීම මෙම කණ්ඩායමේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ මෙම කටයුතු සිදුකරන අතරම වෛද්‍ය යන්ග් මහතා ඔස්ට්‍රේලියාවේද විවිධ සමාජ සේවා කටයුතු මෙන්ම සිය පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටියි. ඔහුගේ අපේක්ෂාව වන්නේ සෙරමික් වලින් උකුල් ඇටය නිර්මාණය කිරීමයි.

මෙම සෙරමික් වලින් උකුල් ඇටය නිර්මාණය කිරීම මගින් කාර්යසාධනය ඉහල නංවා හැකි බව අපේක්ෂා කරමින් වෛද්‍ය යන්ග් මහතා දැඩි උනන්දුවකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියි. සිය රෝගීන් සම්බන්ධයෙන්ද ඔහු මනා අවධානයකින් යුතු වේ.
"මමත් පොඩි කාලේ ක්‍රිකට් ගැහුවා. මම කඩුළු රකින්නකු විදියටත් ඕපනින් බැට්ස්මන් හැටියට ඉදලා තියනවා. "මේ ලෝකේ මම වෙන්න කැමති පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ තමයි කුමාර් සංගක්කාර" ඔහු පවසයි.

Related Posts Plugin for WordPress, Blogger...