ගොසිප්9 පුවතින් පසු මැක්ස් සේවකයන්ට සොච්චමක් ලබාදෙයි
Friday, July 13, 2012
පසුගිය සතියේ ලිපියකින් අප හෙළි කර සිටියේ මැක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන් හට මාස 3කින් වැටුප් ගෙවා නැති බවය.එම නිසා මෙයට අවුරුදු හතකට පමණ පෙර ආරම්භ වූ මැක්ස් මාධ්‍ය ජාලයේ සේවකයන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවයි එම ලිපියෙන් කියවුනේ.
මෙම තොරතුරු අන්තර් ජාලය හරහා දැන්වීමත් සමග එහි පරිපාලනය තීරණය කර තිබුනේ අප්‍රේල් මාසට සදහා ලැබීමට තිබු හිගවැටුප් ලබා නොදීමටයි.
කසේවෙතත් මෙම පුවත දැනගැනීමත් සමග වර්තමානයේ ප්‍රධාන විධායක ස්ටෙපන් බෙක්මයර් මහතා පවසා ඇත්තේ මෙම ක්‍රියාව උඩබලාගෙන කෙලගැසීමක් ලෙසයි.
ඒ අනුව ඊට පසුදින (06) සේවකයන් සඳහා හිඟ වැටුපෙන් කොටසක් ලබාදී තිබෙනවා. එසේ ලබාදී ඇත්තේ හිගව පවතින මාස තුනෙන් එක මාසයක වැටුපෙනුත් අඩකට ආසන්න ප්‍රමාණයකි.
මාසික වැටුපෙන් පමණත් ජීවිතය ගැටගසා ගන්නා සේවකයින් ස්ටෙපන් බෙක්මයර් මහතා මෙන් ව්‍යාපාරිකයින් නොවේ. ස්ටෙපන් බෙක්මයර් මහතා ව්‍යාපාරිකයෙකි. අප දන්නා තරමින් ඔහු දැව වෙලදාමේ නිරතවන්නෙකි. තවද දැනගැනීමට ලැබෙන පරිදි ඔහුට මැක්ස් මාධ්‍ය ජාලයෙන් ලක්ෂ 10 කට ආසන්න වැටුපක් ලබයි. මීට අමතරව මොන්ටෙරෝ වර්ගයේ නවතම ජිප් රථයක්ද ලබාදී තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයක් ලෙස ලෝකයට පරකාසය දැමුවද තම සේවකයින්ට සැලකීමට නොදනන්නා මෙවන් පහත් ගතිගුණ මොවුන් සතුවීම කණගාටුවට කරුණකි.
මේ පිළිබඳව අන්තර්ජාලයේ පලවිමත් සමග මාස තුනක හිග මුදලින් එක මාසයක වැටුපටත් අඩු ප්‍රමාණයක් ලබා දුන්නද අනෙක් මුදල් කවදා ලබාදෙයිද යන්න දන්නේ දෙවියන් පමණක් බවයි සේවකයන් පවසන්නේ.
මේ පිළිබදව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යතුමන්ගේ අවධානය යොමු නොවන්නේ ඇයිදැයි ගැටලුවකි.
-සම්බන්ධිත පුවත්-
වැටුප් නැතිව වැඩ කරන මැක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන්
