Youtube දේවදත්ත දමනය වෙයි !

බුදු දහමට නිගා කරමින්, බුදුරජාණන් වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත්, උන්වහන්සේ ආත්මාර්ථකාමී බවත් කියමින් බරපතල විවේචන සිදුකර කැනඩාවේ සිට යු‍ ටියුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කළ නයන හෙට්ටිආරච්චි නැමැත්තා ගැන පළමුවරට හෙළි කළේ ගොසිප්9 විසිනි.

එම වීඩියෝ මහත් ආන්දෝලනයට ලක්වූණ අතර පසුව ගොසිප්9 විසින් ඒ පිළිබඳව හෙළි කළ පුවත ඉවත් කරගත්තේ ඔහුගේ ඥාතියෙකු විසින් ඔහු මානසික අවපාතයකින් පෙළෙන බව පවසා අනුකම්පා කර එම පුවත ඉවත් කරන ලෙස අප හට දැන්වූ නිසාය.

කෙසේ වුවද නයන හෙට්ටිආරච්චි විසින් දැන් බුදුන් සරණ ගිය යහපත් බෞද්ධයෙකු බව කියම්න් ඔහුගේ පියා විසින් ජායාරූප කීපයක් ප්‍රසිද්ධ කර තිබෙනවා.


ඒ ඔහු පසුගියදා ලංකාවට පැමිණීමෙන් අනතුරුවයි. නයන හෙට්ටිආරච්චි දළදා වඳින්න යන ආකාරයත්, ඔහු බුදුන් වඳින ආකාරයත්, බෝධිය වන්දනාමාන කරන ආකාරයත් ඒ ජායාරූප අතර වුණා.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ ඔහු විසින් සඳහන් කර තිබෙන්නේ "I choose to remain silent, thanks for everyone who sent messages asking if I am ok." ලෙසයි.

පහත දැක්වෙන්නේ එම ජායාරූපයි.








Related Posts Plugin for WordPress, Blogger...