සායම් මකාගන්න අතුලගෙන් කෝලං

අතුල සමිතා නැවතත් එකතුවුන බව පවසමින්ද, කටකතා ගැන කිසිත් නොදන්නා බවද පවසමින්ද සිටින අතරතුර වසර 4ක ප්‍රේමයෙන් පසු තමන් අතුල සමඟ විවාහ වුනේ 2010 වසරේ මුල බව පවසමින් නිරූපන ශිල්පිනියක් වන අමායා පසුගියදා හෙළි කළා.

තත්ත්වය එසේ පවතිද්දී "ආලෙන් වෙලාගන්න කෝළං කළා..සිත ආලෙන් මුදාගන්න මායම් කළා.." ගීතය පසුගියදා අතුල සමිතා දෙදෙනාම එක්ව ගායනා කළේ වොර්ටර් එජ් හිදී පැවති රයිගම් සම්මාන උළෙලේදීයි.


එම ගීතය ගායනා කළ අතර පසුබිමෙන් මනරම් රැඟුමක්ද දැක්වූ නමුත් කිසිවෙකුගේ අවධානය රැඟුම වෙත යොමුවූයේ නැති අතර සියල්ලෝම බලා සිටියේ අතුල සමිතා දෙසයි.

දෙපැත්තෙන් වේදිකාවට ගොඩවී කියූ ගීය අවසානයේදී අතුල, සමිතා ලඟට පැමිණ කෝළමක් කළ නමුත් සමිතාගෙන් ඊට ලොකු ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

අවසානයේදී අතුල විසින් ගීය ගායනා කොට අවසන්වූ පසු වේදිකාවෙන් බැසගියේ සමිතාගෙ පිටට සුරතල් ලෙස තට්ටුවක්ද දමමිනි.



-සම්බන්ධිත පුවත්-
කටකතා ගැන කිසිවක් නොදන්නා අතුල - සමිතා
අතුල හා කාවිංග ගේ හොර එළිවේ
අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම

Related Posts Plugin for WordPress, Blogger...