අගවිනිසුරුවරියගේ සැමියාට වරද පටවමින් සුමනදාස ඉල්ලා අස්වේ

ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

රුපියල් මිලියන 390ක් වියදම් කරමින් "ද ෆිනෑන්ස්" සමාගමේ රු.32ට තිබූ කොටසක් රු. 50 බැගින් මිලදීගනිමින් පසුගියදා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ දූෂිත ගනුදෙනුව විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් මෙලෙස ඔහු ඉල්ලා අස්වූ බව දන්වා ඇති අතර අස්වීමෙන් පසු ඔහු වරද පටවන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයටය.

එහිදී ඔහු සෘජු චෝදනාව එල්ල කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ අගවිනිසුරු වරියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම්ට ය.

ප‍්‍රදීප් කාරියවසම් හා ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු සුමනදාස තිලක් අබේගුණවර්ධන යන දෙදෙනාම පත්කරනු ලැබුවේ ජනාධිපතිතුමා විසිනි.


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස සිට ඉල්ලා අස්වූ සුමනදාස තිලක් අබේගුණවර්ධන මහතා වර්තමානයේ ජනාධිපතිතුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ස්වාධීන රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා සමූපකාර රෝහලෙහි අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරයි.

ඉල්ලා අස්වීමෙන් පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ අබේගුණවර්ධන මහතා.



-සම්බන්ධිත පුවත්-
ඉතිරිකිරීමේ බැංකුවේ දූෂිත ගනුදෙනුව

Related Posts Plugin for WordPress, Blogger...