ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන අවන්හල

කොළඹ, සිනමන්ලේක් හෝටලයේ අනුග‍්‍රහයෙන් සංචරක කර්මාන්තයේ උන්නතිය උදෙසා හඳුන්වා දුන් පාවෙන අවන්හලක් ඊයේ (19) රාත‍්‍රීයේ බේරේ වැවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. 

ප‍්‍රථම වතාවට ශ‍්‍රි ලංකාවේ ඉදිකෙරුණු දිගින් අඩි හැත්තෑවක් වන අතර පළල අඩි තිහක් වන මෙම පාවෙන අවන්හල වෙනුවෙන් ජෝන් කීල්ස් සමාගම වැයකළ මුදල රුපියල් මිලියන සියයක්.මෙම පාවෙන අවන්හලෙහි මහල් දෙකක් ඇතිඅතර පළමු මහල ආවරණයකොට වායුසමීකරණය කර තිබෙනවා.

මෙහි දෙවනමහළේ සිට බෙරේ වැව එපිට සුන්දරත්වය මෙන්ම රාත්‍රී අහස බැලිය හැකි සේ සකසා ඇති වහලෙන් රාත්‍රී අහසේ සුන්දරත්වයක් විඳගැනීමට හැකියි. 

මෙම පාවෙන අවන්හල සම්පුර්ණයෙන් නිමවා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසිනුයි.


Pontoon North 8 නමින් හැඳින්වෙන මෙම පාවෙන අවන්හල විවෘත කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ජෝන් කීල්ස් සමාගමේ සභාපති සුසන්ත රත්නායක ඇතුළු පිරිසක් ඒ සහභාගි වී සිටියා.

එහි ජායාරූප කිහිපයක් පහතින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...