රනිල් ගෙන් සිරසට කළු ගලක්

සිරිකොතට එල්ල වූ ප්‍රහාරය පිලිබඳ පැහැදිලි කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ මාධ්‍යය හමුවක් පැවැත්වුවා.එහිදී අදහස්කළ විපක්ෂ නායකතුමා.

"එකක් තියෙනවා මාධ්‍යය දේශපාලනය,එකේදී කොයි අවස්ථාවේදී රඟපාන්නේ කියල දැනගන්න ඕන..නිතිය කඩන වෙලාවේ රඟපාන්න හොද නෑ නීතියට අනුකුලව රඟපාන්න හොඳයි.


විශේෂයෙන් කියන්න ඕන මහරාජා මව්බිම බලවේග වලට එක්සත් ජාතික පක්ෂය යටත් කරලා අල්ලගන්න ඉඩ දුන්නේ නැහැ.අපේ අද ජිවිතයට තර්ජනයක් වෙලා සිරස ගෙනියන ව්‍යාපාරය..අපේ පක්ෂයට තර්ජනයක් වෙලා..ඕකට මව්බිමත් එකතු වෙලා උදව් කරා මව්බිමටත් සල්ලි හම්බවෙනවා..එකත් මම දන්නවා..බලේ ගන්න තියන කෑදරකම.."

ඉන් පසු ඊයේ දිනයේ සිරිකොතට එල්ල වූ කළු ගලක් රැගත් විපක්ෂ නායක තුමා

"අනේ මේ මේක අරන් ගිහින් දෙන්නකෝ අපේ මිස්ටර් කිලි රාජා මහේන්ද්‍රන්ට..සිරස ඇවිත් ඉන්නවද? කව්රුහරි ගිහින් දෙන්න එයාට..මමම ගිහින් දෙන්නම්කො.."


ඉන්පසු සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවෙ
දී යා අතට කළු ගල ලබාදුන් විපක්ෂ නායකවරයා පැවසුවේ "මේක ගිහින් කිලි මහරාජට දෙන්න..මට වැදුනේ නෑ..බුදු පිළිමෙට වැදුනේ මේක.."
 
එහි වීඩියෝව බලන්න පහතින් 



ඉන්පසු ඊයේ දිනයේ රතු ඉර වැඩසටහනට සහභාගී වූ විපක්ෂ නායක තුමා ප්‍රකාශ කල සිටියේ ඊයේ දිනයේ සිරිකොත ඉදිරිපිට රැස්වුයේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නොව කිලි මහරාජාගේ අනුදැනුම මත මෛත‍්‍රී ගුණරත්න විසින් යොදා තිබු මැරයන් පිරිසක් බවය.

එම පිරිසට කෑම බිම ලබාදීම හා මත්පැන් ලබාදීමද සිදුකොට ඇති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශකර සිටියා.

තවද තම පක්ෂයේ නායකත්වය පිලිබඳ ගැටළු ඇතිකරන්නේ මාධ්‍යය බවත් තමා නායකත්වයෙන් ඉවත්වීමට සුදුසුකල තමා ඉන් ඉවත් වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රතු ඉර දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින්.

Related Posts Plugin for WordPress, Blogger...