සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි?

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය යුධ සමයේදී අවසන් සටනට දැක්වූ දායකත්වය යුධ ඉතිහාසයෙන් මකා දැමීමේ වැයමක් මේ වනවිට ක්‍රියාත්මක වේ.

මෑතකදී කොළොඹ දී පැවැත්වූ "ත්‍රස්තවාදය පරාජය කිරීම - ශ්‍රිලංකාවේ යුධ අත් දැකීම්" අන්තර්ජාතික සමුළුවේදී විවධ රටවලින් එයට සහභාගී වූ ආරක්ෂක අංශ වල ප්‍රධානින් හට වැරදි තොරතුරු ලබා දී තිබේ.


එහිදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනට නායකත්වය ලබාදුන්නේ වර්තමාන හමුදාපති ජගත් ජයසුරිය මහතා බව ප්‍රකාශකොට තිබේ.අවසන් සටනේදී නායකත්වය ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ලේඛන වලින් ඉවත්කොට තිබුණි.

හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කොට ඇති අතර අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම කිසිදු තැනක සඳහන් වී නොමැත.


සමුළුව අවසානයේදී විදේශීය නියෝජිතයන් සරත් ෆොන්සේකා මහතා පිළිබඳව විමසා ඇති අතර එහිදී ඔවුන්ට පවසා ඇත්තේ අධිකරණය මගින් නඩුවක් විභාග වෙමින් පවතින හෙයින් ඔහු හමුවීමට ඉඩ දීමට නොහැකි බවයි. 


දිනමිණ පුවත්පත යුද්ධය අවසන් වූ සමයේ පල කල ලිපියක් 

ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා එම සමුළුවේදී කල කතාව

Related Posts Plugin for WordPress, Blogger...