ගුගල් මැප් ආධාරයෙන් ගංජා හේන් වටලයි!
Friday, December 24, 2010
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජන මාරසිංහ මහතාගේ සහය ලබාගෙන ගුගල් මැප් ආධාරයෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ යාල වනෝද්‍යානයේ තැන තැන වල වගා කර තිබු ගංජා හේන් සහ එම ගංජා හේන් වලට යෙදු සහනාධාර පොහොර මිටි ද පැල්පත්වල තිබී සොයාගෙන ඇත.
මෙම හේන්වල කාන්තාවන්ද සේවය කරන්නේ යෑයි ලැබුණු ආරංචි අනුව වැටලීම් සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන්ද සහභාගි වී තිබෙන අතර මෙම වැටලීම් වලදී පුද්ගලයන් 40 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.සියලුම හේන්වල වවා තිබූ කංසා ගස් කපා කොටා ගිනි තබා විනාශ කොට තිබේ.
