පබා බබා වෙයි
Tuesday, November 23, 2010
පසු ගිය දිනවල දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිද්ධියක් මත කතා බහට ලක්වූ පබා නොහොත් උපේක්ෂා අද දිවයින පුවත්පත වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ මාධ්‍යයේ සමහරුන් තමන්ට විශ්වාස කළ නොහැකි යෑයි කියමිනි.
"දැන් මට දිගට හරහට මඩ ප්‍රහාර එල්ල වෙනවා. හේතුව සමහරුන්ට මා ගැන තියෙන්නේ දේශපාලන වෛරයක්".
"ඇයි මට මෙහෙම කරන්නේ. මම ගැහැනියක්. මම කාටත් කරපු වරදක් නැහැ. කාටත් මරණ තර්ජනය කරලා නැහැ. සමාජයේ සමහරු මේ විදිහට වෙනස් වුණේ මම දේශපාලනයට ආවට පස්‌සේ".
"රජය මහජනතාවගේ සහයෝගය ඇතිව හොඳ ගමනක් යනවා. මම විපක්‍ෂයේ හිටියා නම් එහෙනම් හැමදාම විපක්‍ෂයේ. අද එජාපයේ සිටි බොහෝ දෙනකු පක්‍ෂය අත්හැරලා යනවා".
සම්බන්ධිත ලිපි
පබා දෙරණට අසභ්‍ය වදනින් බැන වදී.
