සෞම්‍යා කුමාරි කතා කරයි

පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇති බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා. 

එම පුවත පල කිරීමෙන් අනතුරුව සකුරා සෞම්‍යා කුමාරි අප වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ එම පුවත ඇය වෙත මඩ ගැසීමේ අරමුණෙන් ව්‍යාප්ත කර ඇති බවයි.

මොහමඩ් ෆායින් නමැති තැනැත්තාගේ ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනය විසින් සංවිධානය කරන ලද සම්මාන උත්සවයක් සඳහා සෞම්‍යා කුමාරිගේ පෞද්ගලික ව්‍යාපාරයක් වන නිරුපිකාවන් සපයන සරසි ක්‍රියේෂන්ස් ආයතනය හරහා එම ව්‍යපාරිකයාට නිරුපිකාවන් කිහිප දෙනෙකු ලබාගෙන ඇත. 


මුදල් ලබානොගෙන විශ්වාසය මත සිදුවූ මෙම ගනදෙනුවෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා විසින් මුදල් ගෙවීම පැහැර හැර ඇත.


කිහිප වරක් ව්‍යාපාරිකයාගේ ආයතනයට ගියත් මෙම ව්‍යාපාරිකයා ඇයව මගහැර ඇත. පසුව අවසන් වරට ගිය අවස්ථාවේ සෞම්‍යා විසින් ව්‍යාපාරිකයා දැනුවත්කොට ඔහුගේ අයි පෑඩ් එක ගෙනවිත් ඇත්තේ මුදල් ගෙවා එය නිදහස් කරන ලෙස පවසමිනි.

අප ඉහතින් දැක්වුවේ සෞම්‍යා විසින් අප වෙත දැන්වූ කරුණුය. නමුත් මේවනවිට ඇය අධිකරණයේදී වරද පිළිඅරගෙන ඇති බැවින් දඬුවම් නියමකිරිමටද තීරණය වී ඇත.

Related Posts Plugin for WordPress, Blogger...