ඊජිප්තුවේ පිරමීඩ මෙන් සීගිරියද ගොඩනඟා ඇත්තේ තාරකා පිහිටීම අනුව බවට මතයක්

ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණය කර ඇත්තේ තාරකා පිහිටීම අනුව බව බොහෝ දෙනා පිලිගන්නා කරුණක්.

ඔරායන් තරු රටාවේ බඳ පටියේ පිහිටා ඇති තාරකා ත්‍රිත්වයේ පිහිටීමට ගීසා පිරමීඩ හරියටම සමපාත වන බවයි පැවසෙන්නේ.

මේ ආකාරයටම සීගිරිය ගොඩ නඟා ඇත්තේද තාරකා පිහිටීම අනුව බවට මතයක් ඉදිරිපත්වී තිබෙනවා.


එම මතය ඉදිරිපත් කරන්නේ බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අරලගන්විල ප්‍රදේශයට පතිත වූ උල්කාපාත කොටස පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පැමිණි මහාචාර්යවරයා ඇතුළු නාසා විද්‍යාඥ කණ්‌ඩායම පසුගිය 31 දා පස්‌වරුවේ සීගිරිය පර්වතය මුදුනේ පිහිටි කුට්‌ටම් පොකුණේ ජල නියෑදි පරීක්‍ෂණ කටයුතු සඳහා ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දී මහාචාර්යවරයා ඔහු ඒ බව පවසා ඇත.

තමන් මීට පෙර අවස්‌ථා කීපයකදීම සීගිරියට පැමිණ ඇති බවත් ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම ශ්‍රී ලංකාවේ සීගිරියද තාරකා විද්‍යාව පිළිබඳ දැනුම භාවිත කරමින් නිර්මාණය කර ඇති බවත් එහි උත්තරධ්‍රැවයේ හා දක්‍ෂිණධ්‍රැවයේ පිහිටීම් අනුගමනය කරමින් නිර්මාණය කර ඇත්තේ තාරකාවත් දෙස බැලීමකින් බව ඔප්පු වන බවත් ඔහු පවසයි.





ඒ පිළිබඳ වීඩියෝ පහතින්.



Related Posts Plugin for WordPress, Blogger...