තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රහකය

"බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි" ලිපියෙන් මීට පෙර අප හෙළිකර සිටියේ දිගින් අඩි 150ක් හා බරින් ටොන් 130,000ක් පමණ ග්‍රාහකයක් 2013 පෙබරවාරි මාසයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බවයි.

2012 DA14 ලෙස හඳුන්වන එය තවත් දින 10කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් 17,000ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි.

තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි.

පෙබරවාරි 16 වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් (28,000Km/h) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි.


2012 පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්‍රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි.

මෙම ග්‍රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500ක පිපිරුමකට සමානය.

කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා (Pioneer Deep Space Station) මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.




මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වට කිහිපයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි.

"We could paint it,” says NASA expert David Dunham.

Paint would affect the asteroid’s ability to reflect sunlight, changing its temperature and altering its spin. The asteroid would stalk off its current course, but this could also make the boulder even more dangerous when it comes back in 2056, Aleksandr Devaytkin, the head of the observatory in Russia’s Pulkovo, told Izvestia."

මීට පෙර මෙවන් දැවැන්ත ග්‍රාහක පෘතුවිය ආසන්නයෙන්ද ගමන් කර ඇති අතර එවන් අවස්ථා අප ඔබට වාර්තා කල අයුරු පහතින්.

-සම්බන්ධිත පුවත්-
1. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
2. දින 2කට පෙර හඳුනාගත් ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
3. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
4. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
5. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ
6. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
7. අරලගංවිල උල්කාව පිළිබඳ විද්වතුන් අතර මතගැටුම්
8. ජලයේ පාවෙන අරලගංවිල උල්කාව හා වසර බිලියන 2ක් පැරණි සහරා උල්කාව
9. උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ
10. ලංකාවට වැටුනු උල්කාපාත
11. පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
12. මාතලේට වැටුන උල්කාපාත කොටස්

Related Posts Plugin for WordPress, Blogger...