දන්න ගෑණු ලමයි සේරටම SMS කරලා UNPඑකට බැඳෙන්න කියන්න- රනිල්ගෙන් ඉල්ලීමක්

SMS, රිඟින්ටෝන් වැනි දේවල් සම්බන්ධව මීට පෙර කිහිපවරක්ම විපක්ෂ නායකවරයා විසින් කතා කර තිබුණා.

මේ දිනවල ඔහු දැඩි වෙහෙසක් ගන්නේ පක්ෂය දිනවීම සඳහා නව සාමාජිකයින් බඳවාගැනීමටයි.

සාමාජිකයින් බඳවාගැනීම සඳහා SMS යොදාගත හැකි බව ඔහු ඊයේ පවසා තිබුනේ මෙලෙසින්


"ගමේ සේරම එකතු කරගන්න. එකතු කරගන ගෙයින් ගෙට යන්න. මේ ගමේ ඒක සාර්ථකව කරලා තියනවා. කී දෙනෙක් බඳවාගෙන තියනවද ඔය මල්ලි? (ඔහු යමක් කියයි)
ඔය දන්න ගෑණු ලමයි සේරම බඳවගන්න. එතනත් දහයක් පහළොවක් ඉන්නවනේ. වැඩේ හරියට කරලා නෑ මට පේන්නේ. SMS කරලා කියන්න බැඳෙන්න UNP එකට කියලා. අන්න එහෙමයි වැඩේ කරන්න ඕනේ.
"

එම වීඩියෝව පහතින්



අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය අගෝස්තු මාසයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයකදී ඔහු පැවසුවේ "නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න" කියාය.

2009 වසරේ වේදිකාවකදීද රනිල් වික්‍රමසිංහ මහතා SMS පිළිබඳව කතා කර තිබුණා. ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ යෞවන යෞවනියන්ගේ ජංගම දුරකථන වල තිබෙන රිඟින්ටෝන් වෙනුවට SMS ලබාදෙන බවයි.

එම වීඩියෝ පහත සම්බන්ධිත පුවත් වලින්.

-සම්බන්ධිත පුවත්-
නිදහස් අධ්‍යාපනේ බේරගන්න හැමෝටම SMS යවන්න. රනිල්ගෙන් ඉල්ලීමක්

Related Posts Plugin for WordPress, Blogger...