බිස්කට් ව්‍යාපාරිකයා පැහැරගැනීමේ සිද්ධියේ සැකමුසු තැන් මතුවේ
Tuesday, January 22, 2013ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන ඔලු බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කරන වට්ටෝරුව දැනගනීමට මෙසේ පැහැරගෙන ඇති බවයි පැවසෙන්නේ. නමුත් මේ වනවිට මෙම මුළු සිද්ධිය පිලිබඳ සැකමුසු තත්වයක් ඇති වී ඇත.
අජිත් මහතා මුලින්ම මාධ්‍යයට කරුණු පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කලත් පසුව මාධ්‍ය ආයතන හඹා ගොස් තමාට සිදුවූ අසාධාරණය පිලිබඳ විස්තරාත්මකව පැහැදිලිකර සිටියේය. ඔහුගේ පැහැදිලි කිරීම් වලට අනුව ඔහුව පැහැරගෙන ගිය කොල්ලකරුවන් හතර දෙනා සමග අඳුරේ සිට ඔහු බිස්කට් තනා ඇත.
ඔහුගේ බිරිඳගේ පැහැදිලිකිරීම් වලට අනුව කොල්ලකරුවන් වෙළඳපොලේ ඇති ඔලු බිස්කට් ද ගෙනවිත් ඔහු සෑදු බිස්කට් සමග ආහාරයට ගෙන රස සමාන වන බව තහවුරු කරගෙන තිබේ.
ඉන් අනතුරුව අජිත් මහතා ඇතුළු සියලු කොල්ලකරුවන් අජිත් මහතා එම අවස්ථාවේ නිමවූ බිස්කට් ආහාරයට ගෙන ඇත.
මේ අතර අජිත් මහතාගේ අසල්වැසියන් පවසන්නේ ඔහු පැහැරගෙන ගිය කාලය තුල ඔහුගේ නිවසේ කිසිදු අමුත්තක් නොවූ බවයි. අඩු තරමේ කිසිදු හැඬුම් හඬක් පවා තිබී නොමැත.
තවද ඔහුගේ ත පය බැඳ දමා වෑන් රථයෙන් ඔහුව නැවතත් වරකාපොල ප්‍රදේශයට ගෙනවිත් දමන විට පොලිසිය විසින් වාහනය පරික්ෂාවට ලක්කර ඇති බව පැවසෙන නමුත් පොලිසියට අත පය බැඳ දමා ඇති අජිත් මහතා සොයාගැනීමට නොහැකි වී ඇත.
අවසන් වරට අජිත් මහතා ප්‍රකාශකොට ඇත්තේ තමාට 00000000001111 යන අංකයෙන් මෙයට පෙර මරණ තර්ජන පැමිණ ඇති බවයි. කෙසේනමුත් මෙම සිද්ධියේ ඇත්ත නැත්ත ඉදිරිදී හෙළිවීමට නියමිතයි.
මෙම සිදුවීම පිලිබඳ සැකයක් ඇතිවුවද අජිත් මහතා දේශීය නිෂ්පාදනයේ විප්ලවයක් සිදු කල ජනාධිපති සම්මාන දිනු පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ මාධ්‍යයට පවසා තිබුනේ ඉදිරියේ කිසියම් බිස්කට් සමාගමක් විසින් ඔලු බිස්කට් හඳුන්වා දුන්නොත් ඒ තමාගේ සැමියා පැහැරගත් පිරිස බවය.
