CCTV සවිකිරීම පිළිබඳව ලංකාවේ නීතිමය පසුබිම
Saturday, January 26, 2013CCTV කැමරා සවිකිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව බොහෝ දෙනාට ගැටළු පවතිනවා.
කැමරා සවිකිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම පිළිබඳව තත්ත්වය අලුත් වුනේ පසුගියදා ඩිල්ශාන්ගේ නිවසේ සවිකර තිබූ කැමරාවක් පිළිබඳ පුවතත් සමඟයි.
කෙසේ වුවද මේ පිළිබඳව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි පවසන්නේ ඇඳුම් සාප්පු වල කාන්තාවන් ඇඳුම් මාරුකරනා කාමර වල කැමරා සවිකර තිබුනත් ඒවා පාරිභෝගිකයන්ට දැනුම්දීමක් කිරීම අවශ්‍ය නොවන බවයි.
CCTV කැමරා සවිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිමය තත්ත්වය කුමක්ද?
එහෙම කිසිම නීතිමය තත්ත්වයක් නෑ. ඕනෑම කෙනෙකුට CCTV කැමරා සවිකරන්න පුළුවන්.
ඕනෑම කෙනෙක්ට පුළුවන්ද?
ඔව්. ඕනෑම කෙනෙකුට CCTV කැමරා සවි කරන්න, ව්‍යාපාරයකට, නිවසේ පෞද්ගලික පරිහරනයට CCTV කැමරාවක් සවිකිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියනවා.
CCTV කැමරා සවිකිරීම පිළිබඳ දැනුම් දියයුතු ආයතනයක් නැද්ද?
එහෙම ආයතායක් නෑ. පාරිභෝගික අවශ්‍යතාවය අනුව ඕනෑම ආයතනයකට, පාරිභෝගිකයෙකුට CCTV කැමරා මිලදී අරගන පාවිච්චි කළ හැකියි.
කැමරා සවිකිරීමේදී අවසර ගතයුතු තැනක් තිබෙනවාද?
නෑ. එහෙම අවසර ගැනීමට තැනක් නෑ.
ආයතන වල, සාප්පු වල CCTV කැමරා තිබෙනවා නම් එතැනට පැමිනෙන අයට ඒ පිළිබඳ දැනුම් දියයුතු බවට නීතියක් තියනවාද?
පාරිභෝගිකයන්ට දැනුම් දීමට එහෙම නීතියක් නෑ. අවශ්‍ය නම් පුවරුවක් ගහලා දැනුම් දෙන්න පුළුවන්. නැතිනම් ඕනෙත් නෑ.
ඇඳුම් සාප්පු වල කාන්තාවන්ගේ Fiton Rooms වල මෙවැනි කැමරා සවිකර තිබීමවත් දැනුම් දෙන්න ඕනේ නැද්ද?
එහෙම නීතියක් නෑ.
එහෙම නොදන්වා වීඩියෝ කළ එකක් ගැන පාරිභෝගිකයන් කළ යුත්තේ කුමක්ද?
ඕනේ නම් ඒ අයට පොලීසියට දැනුම් දෙන්න පුළුවන්
එහෙම අයට දෙන දඬුවම් මොනවාද?
වරදේ ස්වභාවය සොයා බලා අධිකරණයේ දඬුවම් තීරණය කරනවා. පොලීසියට දඬුවම් දෙන්න බෑ.
එහෙම කැමරා වලින් පටිගත කළ දේවල් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම ගැන දන්නවාද?
එහෙම දෙයක් දන්නේ නෑ තවම. මාධ්‍ය ආයතන වලින් එහෙම කළ බවට පැමිණිලි ලැබී නැහැ. එහෙම අයට පොලීසියට පැමිණිලි කරන්න පුළුවන්.