වසර 30 කට පෙර නැතිවූ සුරතලා ගබඩා කාමරයේ සිට හමුවේ
Saturday, January 26, 2013මීට වසර 30 කට පෙර හදිසියේ අතුරුදහන් වූ මැනුවෙලා නැමැති ඉබි සුරතලා නිවසේ වසා දමා තිබූ ගබඩා කාමරයේ සිරවී සිටියදී අද සොයාගැනීමට සමත් වූ පුවතක් බ‍්‍රසීලයෙන් වාර්තා වේ.
බ‍්‍රසීලයේ රියෝ ද ජෙනිරෝ නගරයේ පදිංචි අල්මේදා පවුලේ සුරතලා වූයේ මැනුවෙලා නැමැති ඉබ්බාය.
අල්මේදා දරුවන්ගේ දෙපා අතර නිරන්තරයෙන් ගැවසුන මැනුවෙලා 1982 වසරේදී හදිසියේම අතුරුදහන් විය.
නිවස පුරා සොයාබැලූවද හමුනොවුනු තැන අල්මේදා පවුලේ සාමාජිකයන් තීරණය කලේ නිවසේ සේවය කල අයෙක් අතපසුවීමකින් දොර විවෘත කර තිබූ මොහොතක මැනුවෙලා නිවසින් පිටව යන්නට ඇතැයි කියාය.
අල්මේදා පවුලේ ගෘහ මූලිකයා වූ අල්මේදා පියා පසුගිය ජනවාරි පලමු සතියේදී අභාවප‍්‍රාප්ත විය. පියාගේ අභාවයෙන් පසු නිවස අස්පස් කල අල්මේදා දරුවන් සිය පියා විසින් නිතර වසාදමා තිබූ ගබඩා කාමරය විවෘත කර එහි ගොඩගසා තිබූ දෑ කාමරයෙන් පිටතට දමන්නට විය.
පිටතට දැමූ පරණ තැටි ධාවන යන්ත‍්‍රයක් තුලින් යම් චලනක් දුටු ලියනාර්ඩෝ පුත‍්‍රයාට සිය දෑස් අදහාගත නොහැකි විය. වසර 30 කට පෙර තම නිවසින් අතුරුදහන්වූ සිය ඉබි සුරතලා මැනුවෙලා තැටි ධාවන යන්ත‍්‍රයෙන් පිටතට පැමිණියේය.
මෙය ඇත්තටම පුදුමයක්. වසර 30 ක් ඇය කාමරයක් තුල සිරවී ජීවිතය රැකගත්තේ කොහෙමද කියා හිතා ගන්නවත් බෑ කොහොම වුනත් ඇය ආපසු ලැබීම ගැන අපිට හරිම සතුටුයි යනුවෙන් අල්මේදා පවුලේ දියණිය ලෙනීටා පවසයි.
මේ පිළිබද අදහස් දක්වන සත්ව විශේෂඥයන් පවසන්නේ මැනුවෙලා අයත් ඉබි කුළකය ඉතා දිර්ෂ කාලයක් ආහාර නොගෙන ජීවත්විය හැකි සත්ව කොටසක් බවයි.
එමෙන්ම ගබඩා කාමරය තුල සිටි කෘමි වර්ග සහ අනෙකුත් කුඩා සත්ව විශේෂ පසුගිය වසර 30 පුරාවට මැනුවෙලාගේ ජීවිතය රැක ගන්නට සම්මාදම් වන්නට ඇති බවයි.