මකුළු දැලක් නිසා පොලිසියේ හතක් මාරු කරයි
Thursday, January 31, 2013
ඊයේ ඉරට්‍ටපෙරියකුළම පොලිසියේ අර්ධවාර්ෂික පරික්ෂණයක් තිබී ඇත.එහිදී මැටි බැරැක්ක පරීක්ෂා කර ඇති අතර එක් මැටි බැරැක්කයක තිබී මකුළු දැලක් පරීක්ෂකයන්ට හමුවී ඇත.
එය විනය හේතුවක් කරගෙන වවුනියාව ඉරට්ටපෙරියකුළම පොලිස් මුරපොළේ රාජකාරි කළ සැරයන්වරු 7 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ.
ඒ වවුනියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතාගේ නියෝගයකිනි.
මඩුකන්ද ඉරප්පන්මඩුව, ඊච්වන්කුළම සෙට්ටිකුළම, රංකෙත්ගම යන පොලිස් මුරපොළ වෙත මොවුන් මාරුකර ඇත.
මෙලෙස මාරු කර ඇත්තේ පොලිස් සැරයන් ඥාණසිරි (945252), පුෂ්පකුමාර (19442), අබේසේකර (27282), විමලසේකර (29803), විජේරත්න (37182), ශානක (20763), කරුණාතිලක (56580), යන අයයි.
