අරලගංවිල උල්කාව පිළිබඳ විද්වතුන් අතර මතගැටුම්
Tuesday, January 15, 2013
පසුගිය දෙසැම්බර් 29වනදා මනම්පිටිය කුඩා වැව මහවැලි ගම්මානයේ කුඹුරු යායකට වැටුණු උල්කාපාතය පිළිබඳ මේ වනවිට මත ගැටුමක් ඇතිවී තිබෙනවා.වෙනත් උල්කාපාත කොටස් වල දක්නට නොලැබුණු ලක්ෂණ රාශියක් එහි තිබූ අතර ජලයේ පාවෙන ගතියක්ද තිබූ බව වාර්ත වුණා.
එම උල්කාපාත කොටසක් නිවෙසට රැගෙන ගිය ගොවියාගේ අත පිච්චී ඇති අතර එම කොටස්වල සුවඳ බැලූ ගොවියාගේ බිරිය සිහිසුන්ව ඇද වැටී තිබුණා.
අරලගංවිල උල්කාපාතයෙන් පිටසක්වල ජීවය ප්‍රථම වරට තහවුරු වෙයි- චන්ද්‍රා වික්‍රමසිංහ
පෘතුවියෙන් පිටත ජීවයක් පවතින බවට ප්‍රථම සාක්ෂිය අරලගංවිලට පසුගියදා වැටුණු උල්කාපාත කොටස් බවට පරීක්ෂනයකින් අනාවරණය වී ඇති බව බ්‍රිතාන්‍යයේ බකිංහැම් විශ්ව විද්‍යායාලයේ තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසනවා.
අරලගංවිලෙන් හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටසක් බවටත්, ජීවීන් සහිත අභ්‍යන්තරීක සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමඟ එය පැමිනෙන්නට ඇති බවටත් ඔහු Journal of Cosmology නම් ජාත්‍යන්තර අභ්යාවකාශ සඟරාවට විද්‍යාත්මක ලිපියක් ලියා තිබේ. එම ලිපිය මෙතනින්.
එම පර්යේෂණ වලින් හමුවී ඇත්තේ ඇල්ගීඩයටම වල පාෂාණිභූත වූ පොසිල බැවින් එය උල්කාපාතය පෘතුවියට ඇතුලුවීමේදී එක්වූවක් නොවන බව තහවුරුවී ඇතැයිද ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
අභ්‍යාවකාශ උල්කාෂ්ම කොටසක මෙසේ ඩයටම පොසිලගතව පැවතීම පැහැදිලි ලෙස වාර්තාවන්නේ ලොව පලමු වතාවට බැවින් මෙය ජාත්යන්තර වශයෙන් වැදගත් සිදුවීමක් බවත් ඔහු කියා තිබේ.
නමුත් එම උල්කාපාත කොටස පිළිබඳව පර්යේෂණයක නියුතුවූ පේරාදෙණිය විශ්වවිද්යාලයේ පරීක්ෂණ කණ්ඩායමේ මතය වන්නේ මේවා උල්කාපාත කොටස් නොව අකුණු ගැසීම නිසා ඇතිවූ පාෂාන කොටස් බවත්ය.
අරලගංවිල පාෂාණ අකුණු ගැසීමෙන් හැදුනු ඒවා මිස උල්කාපාත නොවේ- උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න
අරලගංවිල වෙල්යායෙන් හමුවූ පාෂාණ පිළිබඳ රසායන හා ඛනිජ පර්යේෂණයක් කළ පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ විද්යා අධ්‍යන අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඒ පැවසුවේ මෙලෙසින්.
"එක්ස්-රේ විවර්තන වර්ණාවලිය, ඒ වගේම එක්ස්-රේ ප්‍රතිදීප්ත වර්ණාවලිය කියන ආකාරයට මේකේ තියන විකිරණශීලීතාව පිළිබඳව අධ්‍යනයක් සිදු කළා. මෙතනදී අපිට පැහැදිලි වුනේ මේ පාෂානයේ වැඩිපුරම තියෙන්නේ "ක්වාර්ට්ස්" කියන ඛනිජය, ඒ වගේම "කියොලීන්" කියන මැටි ඛනිජය තියනවා කියලත් හඳුනාගන්න පුලුවන් වුනා. ඒ වගේම වැඩිපුරම තියනවා කියලා හඳුනාගන්න පුලුවන් වුණ රසායන මූලද්‍රව්‍ය තමයි පොටෑසියම් හා කැල්සියම් කියන රසායන ද්‍රව්‍යයන්. ඊට අමතරව යකඩ යම් ප්‍රමාණයක් දකින්නට ලැබුනා මේ සිලිකා වලට අමතරව"
ඒ වගේම මෙය විදුලි කෙටීම නිසා ඇතිවූ සංසිද්ධියක ප්‍රතිඵලය නිසා ඇතිවූවක් බවත් ලොව විවිධ ප්‍රදේශ වලින් මෙවැනි සිදුවීම් වාර්තා වන බවත් එම විශ්ව විද්‍යා යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
"පොළවේ යම් ස්ථානයක උෂ්ණත්වය ක්ෂණිකවම සෙන්ටිග්‍රේඩ් අංශක 1,500ට පමණ වැඩි වුනොත් එම ස්ථානයේ තිබෙන සිලිකාමය ද්‍රව්‍ය හා සිලිකේට ඛනිජ උණුවීමකට භාජනය වෙලා ඉතා ඉක්මනින් හැදෙනවා පාෂාණ වැනි ද්‍රව්‍යයක්. ෆියුෂන් හින්දා. එහෙම එකක් තමයි මේ වෙලා තියෙන්නේ මේ අරලගංවිල කුඹුණුරුයායේ. ඒක අපිට ස්ථිරයි."
විදුලි කෙටීම නිසා ඇතිවෙන පාෂාණ අවලට කියන්නේ "ෆුල්කරයිට්ස්" (Fulgurite) කියලා. පස් වර්ගයක් උණු වෙනකොට ඒ පසේ තියන විවිධ ජීවී ද්‍රව්‍යයන් ඒ ඇතුලත පොසිලකරණයට භාජනය වීම සිදුවෙනවා. එතකොට ඒක වැරදි විදිහට හඳුනාගන්න පුළුවන්.
ඒ පිළිබඳ වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
1. ජලයේ පාවෙන අරලගංවිල උල්කාව හා වසර බිලියන 2ක් පැරණි සහරා උල්කාව
2. උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ
3. ලංකාවට වැටුනු උල්කාපාත
4. පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
5. මාතලේට වැටුන උල්කාපාත කොටස්
6. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
7. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
8. දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
9. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
10. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
11. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ

