අවුරුදු 84ක මහලු කතකුත් දූෂණය කරයි
Wednesday, January 2, 2013
වතුර පොවන්න ඇඳට නැග්ගේ- දූෂකයාගාල්ල පින්නදූව ප්‍රදේශය වයස අවුරුදු 84ක් වූ මහලු කතක් දූෂණය කර තිබෙනවා.
ඇය නිවසේ කාමරයේ සිටියදී කිසියම් පුද්ගලයෙකු ඇයව දූෂණය කරනු දුටු ඇගේ දියණියක් ඒ බව අක්මීමන පොලීසියට පැමිණිලි කොට තිබෙනවා
වයෝවෘද්ධ කාන්තාවගෙන් කට උත්තරයක් ලබාගැනීමට පොලීසිය සැරසුනද ඇය සුදුසු ශාරීරික හා මානසික මට්ටමක නොමැති බවයි පොලීසිය පවසන්නේ.
ඇය නිදා සිටි කාමරයෙන් කෙඳිරිලි හඬන් ඇසී ඇති අතර කෙඳිරි ගාන්න එපා යැයි තවත් පිරිමි කටහඬක්ද ඇසුනු බව එම කාන්තාවගේ දියණිය පවසා තිබෙනවා
ඒ පිළිබඳව සොයාබැලීමට මව සිටි කාමරයේ දොර ඇරීමට යද්දී කාමරයේ දොරට පුටුවක් හේත්තු කර තිබූ බවත්, එය තදින් තල්ලු කර කාමරයට ඇතුලුවූවාට පසු තමන් මෙම සිද්ධිය දුටු බවත් ඇය පොලීසියට පවසා තිබෙනවා.
කාමරයේ සිටි පුද්ගලයා එවිට ඇයට පවසා ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවට වතුර ටිකක් පෙවීමට ඇඳ උඩට නැග්ග බව දියණියගේ කට උත්තරයේ සඳහන්ය.
