ෂෙරිල්ගේ විවාහයට තව දින තුනයි
Thursday, January 3, 2013පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.
ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.
පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා.
ඇය විවාහ වීමට යන්නේ "නොදැක ඉන්න බෑ මට නම්" ගී ය ගායනා කළ ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සමඟයි.
රුවන් සහ ෂෙරිල් අතර විවාහ ගිවිසගැනීම සෙනසුරාදා සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "අමා" ටෙලි නාට්‍යය හරහා පේ්රක්ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.
රුවන් හෙට්ටිආරච්චි මේ පිළිබඳව පවසන්නේ,
"මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්ෂේත්රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.
ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්ෂේත්රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.
අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,
ක්ෂේත්රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්ෂේත්රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ" යනුවෙනි
රුවන්ගේඅලුත්ම ගීතයේ වීඩියෝව සඳහා ෂෙරිල් දායක වූ ආකාරය බලන්න පහතින්
-සම්බන්ධිත පුවත්-
1. ෂෙරිල් ගේ කොරියාවේ රැඟුම්
2. ෂෙරිල් ගේ පෙම්වතා වීමට ඔබට මේ ගුණාංග තිබෙනවාද?
3. ෂෙරිල් ගේ ඇඟිලි දිග පෙම්වතා චිලිද?
4. මම ඇඟිලි දිග කෙනෙක් හෙව්වේ නෑ- ෂෙරිල්
5. කටකතා ගැන චිලි සහ ෂෙරිල් ගේ අදහස්