"පබා" ඉල්ලූ ඌරු මස් නොලැබුනත් "රෝසි" ඉල්ලූ ගෝල්ඩන් සිරප් ලැබෙයි
Wednesday, December 5, 2012රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
මීට අමතරව උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීවරිය විසින් දිවා ආහාරය සදහා ඌරු මස් හා හරක් මස් ලබාදෙන ලෙසට කල යෝජනාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් ලබාදීම කතානායකවරයා විසින් නවතා ඇත. නමුත් මන්ත්‍රීවරුන්ට හරක් මස් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
දැනට මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන ආහාරය සදහා කවුපි, මුං ඇට, කිරිබත්, ආප්ප, ලබාදෙන අතර එම කෑම වේලක් සදහා රුපියල් 80 ක් අයකෙරේ.
දිවා ආහාරය සදහා රුපියල් 150ක් අය කලද එම කෑම වේලක් සදහා පමණක් රුපියල් 1,500කට වැඩි මුදලක් වැයවන බව වාර්තාවේ.